පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය ප්‍රමුඛ ලාංකේය වාමාංශික ව්‍යාපාරය මේ රටේ නිර්ධන, පීඩිත ජනතාව වෙනුවෙන් ඉදිරි දශකය තුළ මෙරට දේශපාලනය හසුරු වන බලවේගය බවට පත් කළ යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ජනාධිපති ධුර අපේක්‍ෂක දුමින්ද නාගමුව මහතා පැවසිය.
ඒ මහතා මේ බව පැවසූවේ 'විප්ලවීය වැඩපිළිවෙළක්-සටන්කාමී නායකත්වයක්' යන තේමාව යටතේ ඊයේ (13දා) කොළඹ, සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැති පෙරටුගාමී සමාජවාදී පක්‍ෂයේ 03 වැනි ජාතික මහ සමුළුච අමතමිනි.
එහිදී වැඩිදුරටත් සිය අදහස්දෙක්වූ නාගමුව මහතා,
"අපි නිර්ධන පන්තියට විශ්වාසය තැබිය හැකි පක්ෂයක් නිර්මාණය කරලා තිබෙනවා. සටන්කාමී නායකත්වයක් සහිතව, ප්‍රජාතනත්‍රවාදය කියන්නේ මොකක්ද කියලා අභ්‍යාස කරන පක්‍ෂයක් නිර්මාණය කරලා තිබෙනවා. ඒ වගේම අපි අපට තව බොහෝ දුර යන්න තියෙනවා. ඒ වගේම බුද්ධිමය ක්‍ෂේත්‍රය තුළත් පසුගිය කාලයේ අප ලබාගත් දේශපාලන ජයග්‍රහණ තිබෙනවා. පශ්චාත් මාස්ක්වාදින්, පශ්චාත් නූතනවාදීන් ආදී වශයෙන් දේශපාලන චින්තන ධාරා බුද්ධිමය සංවාදයට එකතු වි තිබෙනවා. අපිත් පහුගිය අවුරුදු හත අට තුළ සමත් වෙලා තිබෙනවා ඒ ඕන මතවාදයක් ඉදිරිපිට
ගොවි අරගල, කම්කරු අරගල, ශිෂ්‍ය අරගල, පරිසර අරගල මේ හැම තැනකම අපි ඒක පෙන්වලා තිබෙනවා. මේ රටේ පීඩිත නිර්ධන ජනයාගේ අරමුණු වෙනුවෙන් සටනි වදින සටන්කාමී නායකත්වයක් ලබා දී තිබෙනවා.සටන්කාමීත්වය මොකක්ද කියලා දන්නෙ නැතිව කකුල් වෙව්ල වෙව්ල ගුබ්බෑයම් ඇතුළේ ගද්දී අපි සටන්කාමි ව්‍යාපාරයක් ගොඩනගලා තිබෙනවා.
අපි පන්තියට පක්ෂයක් ගොඩනගනවා කියලා කිව්වා. අපි පන්තියට පක්ෂයක් ගොඩනැගුවා. දැන් අපට තිබෙන්නේ මේ පක්ෂය පන්තියේ පක්‍ෂය බවට පත් කරන්න. කම්කරුවා, ගොවියා, ධීවරයන්, කාන්තාවන්, තරුණයත් ශිෂ්‍යයන් බුද්ධිමතුන්, කලාකරුවන් මේ හැම දෙනෙක්ම පක්ෂයේ නායකත්වය වටා, නිර්ධන පත්ති ව්‍යාපාරය වටා ගොඩනගන්න ඕන. ඒක තමයි මේ සමුළුව අපට භාරදෙන වගකීම. ඒ වෙනුවෙන් අපි පෙළ ගැහන්න ඕන.
මේක මැතිවරණ කාලපරිච්ඡේදයක්. ප්‍රතිපත්ති ප්‍රකාශන කියල කොළ ගොඩක් ගෙවල්වලට බෙදනවා. අපි අද ඉදිරිපත් කළ,ක්‍රියාත්මක කරන්න ශපථ
ජතතාවට ජයග්‍රහණය අත්පත් කරගත්ත නායකත්වය දෙන්න වෙන කිසිම තැනක් නෑ. ඒ නිසා අපි ජනතාවට කියමු, හෙට අරගලයට අද ජන්දයක් ප්‍රකාශ කරන්න. ඉදිරි දශකය පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය වාමාංශික ව්‍යාපාරය මේ රටේ දේශපාලනය හසුරුවන සුක්කානම බවට පත් කරද්දී. ඒ වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාරය තුළ, මැතිවරණයෙන් පස්සේ, කම්කරු අරගල, ගොවි අරගල ඇතුළේ කලාව තුළ සංස්කෘතිය තුළ සටන් කරන්න සමත් වුණාත් ඒ ධෛර්යවන්ත රතු ධජය ඔසවන්න. ඒ වෙනුවෙන් ශක්තිමත්වන්න අපි සියලු දෙනා එක්වෙමු, කැපවෙමු, සටන් වදිමු” යනුවෙන් පවසා සිටියේය.
- නවෝද්‍යා පවනි
Email ThisBlogThis!Share to TwitterShare to Facebook