පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරින් ලෙස දුරකතන ඇමතුම් දී පාරිභෝගික භාණ්ඩ අලෙවියේ වැරදි සඳහා නඩු නොපැවරිමට වෙළඳසල්වලින් මුදල් ඉල්ලන වංචනික පුද්ගලයින් පිළිබඳව තොරතුරු ලැබී
ඇතැයි එම අධිකාරිය පවසයි. එවැනි වංචනික පුද්ගලයන් පිළිබඳව තොරතුරු 0771088907, 0771088914, 0771088922 වන මහා 0771088921 යන දුරකතන අංකවලට නොපමාව දැනුම් දෙන්නැයි පාරිභෝගික අධිකාරිය වෙළඳ ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

පාරිභෝභික
අධිකාරියේ නිලධාරින් වශයෙන් හඳුන්වා වෙළඳසල්වලට දුරකතන ඇමතුම් ලබාදන මෙම වංචනික පුද්ගලයින් වෙඳපොළ වැරදි සඳහා නඩු නොපැවරිමට ඔවුන් ලබා දෙන දුරකතන අංකයකට අවශ්‍ය මුදල ඊසිකෑෂ් කරනලෙස දැනුම් දෙන බවටද තොරතුරු ලැබී ඇතැයි ද අධිකාරිය පවසයි.

ඉකුත්දා ගම්පහ ප්‍රදේශයේ ජල බෝතල් නිෂ්පාදන ආයතනයකට දුරකතන ඇමතුමක් ලබාදී ඇති පුද්ගලයකු ජල බෝතල් කිරිමේ වැරදි පෙන්වා නඩු නොපැවරිට රුපියල් 25,000ක මුදලක් ඉල්ලීමක සිද්ධියක් පිළිබඳව මනාරතුරු ලැබී ඇති බවද අධිකාරිය පවසයි. වෙළඳපොළ වැටලීම් සහ විමර්ශන සිදු කරනු ලබන්නේ පාරිශුද්ධික අධිකාරියේ නිලධාරින් පමණක් බවත් ඔවුන් රාජකාරි හැදුනුම්පත ඉදිරිපත් කිරිමෙන් පසුව අනන්‍යතාවය
හෙළිකර අදාළ රාජකාරිය සිදු කරනු ලබන බවද රාජකාරීවලින් පසුව රංජකාරියට අදාළව අධිකාරියේ දුරකතන අංක සහ ලිපිනය සහිත ලිඛිත සටහනක් (රිසිට්පතක්) නිකුත් කරන බවද අධිකාරිය කියා සිටි.

-මහින්ද නිශ්ශංක-