ජනාධිපති ධුර අපේක්ෂකයන් සියල්ලන්ගේ තොරතුරු තම පාර්ශ්වයට ලැබෙන බවත්, ඒ අනුව අවශ්‍යය නම් ඔවුන් මැතිවරණයට ඉදිරීපත් වීම වැළැක්විය හැකි නමුත් කකුල් මාට්ටු දැමීමේ අවශයතාවක් තම පාර්ශවයට නොමැති  බවට පිවිතුරු හෙළ උරුමයේ නායක,පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.

හෙතෙම මේ බව පවසා සිටියේ, පිටකෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය කාර්යාලයේදී ඊයේ (30දා) පැවැති ඒකාබද්ධ විපක්‍ෂ නියෝජිතයන්ගේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය සතු නියත පරාජය හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පදනම් විරහිත නඩු

පැවරීම් සිදු කරන බවත්, ඒ අනුව සියලු නීතිමය කටයුතු පිළිබඳ පැහැදිළී විශ්වාසයක් ඇති බවත් පැවසූ මන්ත්‍රීවරයා, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසි සහතිකය හා ඇමරිකානු පුරවැසිභාවය අහිමි වීව් සහතිකයද මාධ්‍ය වෙත ඉදිරිපත් කර සිටියේය.
ඒ අනුව එහිදී මේ පිළිබඳ වැඩිදුරවත් පැහැදිලි කිරීමික නිරත වෙමින් උළය
ගප්පිල මහතා පවසා සිටියේ,
"2003 වසරේදී ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ඇමෙරිකාවේ පුරවැසිකම ලබා ගන්නවා. ඒ සමගම ලංකාවේ නීතියට අනුව ලංකාවේ පුරවැසිකම් අහෝසි
වෙනවා. ඒ අනුව 2005 නොවැම්බර් 21 වැනිදා නැවත ලංකාවේ පුරවැසිකම ලබාගන්නවා. ඒ පුරවැසිකම් ලබාගත් සහතිකය තමා මේ තිබෙන්නේ පෙත්සම්කරුවන් කියන්නේ 2005 වසරේදී නව ඇමති මණ්ඩලය පත් කළේ නොවැම්බර් 22 වැනිදා. ඇමතිවරුන් පත් කරන්න කළින් ලේකම්වරුන් පත් කරන්න කලින් ඇමතිගේ  නිර්දේශය අරන් ලේකම් අත්සන් කරලා ද්විත්ව පුරවැසි සහතිකය නිකුත් කළේ කොහොමද කියන ඒක තමයි මේ නඩුවේ පදනම. ඒ අනුව ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා ලංකාවේ පුරවැසියෙකු නොවන බව ප්‍රකාශ කරන මෙන් අධිකරණයන් ඉල්ලමින් නඩුව ගොනු කර තිබෙන්නේ.

ජනාධිපති විසින් වෙනත් ඇමතිවරයකුට පැවැරූවේ නැති සෑම විෂයක්ම ජනාධිපති යටත් තිබෙන බව 19 වැනි සංශෝධනයට කලින් ආණ්ඩුක්‍ර ව්‍යවස්ථාවේ 44 වැනි වගන්තියේ පැහදිළිව සඳහන් වෙලා තිබුණා. ඒ නිසා 2005 නොවැම්බර් 21 වැනිදා වනවිට සෑම
අමාත්‍යංශයකම ඇමතිවරයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා.

ඒ වගේම ‍සෑම අමාත්‍යංශයකම  ලේකම් ජනාධිපති
කවී. ඒ නිසා ලේස්කම් වෙනුවෙන් කියා අතිරේක ලේකම් අත්සන් කරන විට ඔහු අත්සන් කළේ ජනාධිපති ලේකම් වෙනුවෙන්.

ඇමෙරිකාවේ පුරවැසියෙකු වී සිටින විට ලංකාවේ ජනාධිපතිවරයා මෙන්න මේ ද්විත්ව පුරවැසි සහතිකය නිකුත් කරනවා. එහෙමනම්  2005 නොවැම්බර් 21 වැනිදා සිට ගෝඨාභය මැතිතුමා ලංකාවේ පුරවැසියෙක්, 2019 මැයි 03 වැනිදා'' වෙන්න මේ ඇමේරීකානු පුරවැසිකම අහිමි වීම් සහතිකය ඇමෙරිකානු ආණ්ඩුව නිකුත් කරනවා. මේ සහතික දෙක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාශගේ ඉල්ලීම් මත අද අපි මාධ්‍යවලට නිකුත් කරනවා. එහෙම නම් 2019 මැයි 03 වැනිදා සිටි එතුමා තදුරටත් පුරවැසියකු නොවේ. ඇමරිකානු පුරවැසියකු නොවේ. පුරවැසිකව තිබෙන්නේ  ලංකාවේ පමණයි.
ජනාධිපති අපේකෂකයන්ගේ සියලු තොරතුරු අපිට එනවා. එතුමන්ලා ඡන්දේ ඉල්ලන එක නවත්වන්න අපට පුළුවන්. නමුත් අධිකරණයට ගොස් කකුල් මාට්ටු දාන්න අපට අවශ්‍ය නෑ " යනුවෙණි.

නිදර්ශනී වික්‍රමසිංහ