ජනාධිපතිවරණය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු සියල්ල අවසන් වෙමින් පවතින බවත්, මෙවර මැතිවරණයේදීත් දිවයිනෙහි වැඩීම ඡන්දදායකයින් සංඛ්‍යාව වන 1,751,892ක් ඇත් ගමිපහ
දිස්ත්‍රික්කයේ බවත් දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්, දිසාපති සුනිල් ජයලත් මහතා පැවසීය.  පසුගිය පළාත් පාලන මැතිවරණයට වඩා මෙවර මැතිවරණය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයන් ලියාපදිංචි ඡන්ද හිමියන් සංඛ්‍යාව 27,583ක වැඩි වී ඇතී අතර මෙම මැතිවරණය සඳහා පසුගිය වසරේ ඡන්ද හිමි නාම ලේඛනයට අනුව
දිස්ත්‍රික් මැතිවරණ කොට්ඨාස දහ තුනෙන් 1,751,892ක සංඛ්‍යාවක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති බවත් ජයලත් මහතා පැවසීය. එය මැතිවරණ කොට්ඨාස පරිදි වත්තල - 131,219ක්, මීගමුව - 111,326ක්, කටාන - 155,996ක්, දිවුලපිටිය දී - 114,107ක්, මිරීගම - 131,219ක්, මිනුවන්ගොඩ - 142,326ක්, අත්තනගල්ල - 141,544ක්, ගම්පහ - 157,350ක්, ජා-ඇල - 155,657ක්, මහර - 161,630ක්, දොම්පෙ - 122,912 ක්, බියගම - 131,264ක් සහ කැලණිය - 95,230ක් වන බවත් තේරීම් භාර නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය.
මැතිවරණ කොට්ඨාස. අනුව දිස්ත්‍රික්කයේ වැඩිම ඡන්දදායකයින් සංඛ්‍යාවක් ඇත්තේ මහර කොට්ඨාසයේ බවත්, ගම්පහ දිස්ත්‍රික්කයෙහි ඡන්ද කොට්ඨාස 1,171ක් බවත්, මධස්ථාන 1184කදී ඡන්දය පැවැත්වෙන බවත්,ඡන්දය ගණන් කිරීම පත්තලගෙදර සියනෑ අධ්‍යාපන විද්‍යා පීඨය , වීදාලෝක විද්‍යාලය සහ නයිවල උසස් තාක්ෂණික ආයතනය යන පරීශූ තුනේදී සිදු කෙරෙන බවත්, ඡන්දය ගණන් කිරීම ස්ථාන 123කදී සහ තැපැල් ජන්ද ස්ථාන 25කදීත් සිදු කරන බවත් දිසාපති සුනිල් ජයලත් මහතා පැහදිලී කළේ, මේ වනවි මැතිවරණ කටයුතු සඳහා යොදවන නිලධාරීන් පත් කිරීම් ක්‍රියාවලිය සිදු කෙරමින් පවතින බවද පවසමිනි.
මේ අතර දිස්ත්‍රික්කය තුළ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් 51ක් සම්බන්ධයෙන් ඊයේ (16දා) පැමිණිලි ලැබී. ඇති බවද ඔහු ප්‍රකාශ කළ අතර බරපතළ ගණයේ නොවන එම පිළිබද පිළිබද දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලී කළමනාකරණ මධ්‍යස්ථාන ප්‍රධානී වී.ඩි.එස්.රොඩ්රිගෝ මහතාගේ මෙහෙයවීම යටතේ අවශ්‍ය පියවර ගෙන ඇති බවත් සඳහන් කළේය.

ගම්පහ - තිලකරත්න දිසානායක/ කැලණිය හලිදුපන්සිළු /මිනුවන්ගොඩ - අයි. ඒ. කාදීර් ඛාන්