මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රසිද්ධියේ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන විවේචනය කරමින් තර්ජනය කිරීම කිසිසේත්ම සදාචාර සම්පන්න නොවන බවයි.
රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ සහ වෛද්‍ය නවීන් ද සොයිසා විසින් මාධ්‍ය හමුවක් අමතා මැතිවරණ නිරීක්ෂන සංවිධාන නිර්දය ලෙස විවේචනයට ලක් කරමින් කළ ප්‍රකාශය දැඩිව හෙළා දකින බව කැෆේ සංවිධානයේ වැඩබලන විධායක අධ්යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා සදහන් කරයි. මැතිවරණ කොමිසම විසින් පිළිගත් මෙරට මැතිවරණ නිරීක්ෂණ සංවිධාන නිදහස් හා සාධාරණ
රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක ගොඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශ එළිදැක්වීමේ උත්සවයට එක්වීම පමණක් නොව දිවයින පරා විසිරී සිටින රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ සාමාජිකයින් මෙන්ම ආණ්ඩුකාරවරුන් ඇතුළු අනිකුත් රාජ්‍ය නිලධාරීන් ද මැතිවරණ වේදිකා වලට එක්වන අවස්ථා පිළිබඳව ද මැතිවරණ කොමිසම වෙත පැමිණිලි කිරීමට මැතිවරණ නිරීක්ෂණ සංවිධාන කටයුතු කර ඇති බව මනාස් මකීන් මහතා පෙන්වා දෙයි. ආණ්ඩුකාරවරුන් ඇතුළු සියලු රාජ්‍ය නිලධාරීන් සඳහා පොදු වන මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමට රජයේ වෛද්‍ය නිලධාරි සංගමයට පමණක් ඉඩදිය නොහැකි බව හෙතෙම සඳහන් කළේය.
රජයේ වෛද්‍ය නිලධාරි සංගමයට මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශ සඳහා සිය යෝජනා ලබාදීමට අයිතිය ඇතත් ප්‍රතිපත්ති ප්‍රකාශන එළිදැක්වීමේ උත්සව සඳහා සහභාගි වීමට කිසිදු නෛතික අයිතියක් නැති බව කැෆේ සංවිධානය අවධාරණය කරයි. රජයේ වෛද්‍ය නිලධාරි සංගමයට අවශ්‍ය පරිදි කටයුතු කිරීමට මැතිවරණ නීරීක්ෂණ සංවිධාන සූදානම් නොමැති බව අවධාරණය කරන කැෆේ සංවිධානය පෙන්වා දෙන්නේ නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා අවශ්‍ය පසුබිම සැකසීම මැතිවරණ නිරීක්ෂන සංවිධානවල කාර්ය භාරය බවයි.