ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නැයි මහජනතාව තමන් වහන්සේගෙන් ඉල්ලීම් කරන බව බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.
මහජනතාවගෙන් ලැබෙන ඉල්ලීම් හේතුවෙන් දුරකථනයට නිවනක් නොමැති බවත්, දන් වැලඳීමට පවා
වේලාවක් නොමැති බවත් උන්වහන්සේ සදහන් කළහ.  ප්‍රධාන අපේක්ෂකයන්ට රට, ජාතිය ගැන වැඩපිළිවෙළක් නොමැති නම් ඉදිරියේදී කුමක් සිදුකරන්නේදැයි කල්පනා කර බලන බවද ඒ හිමියෝ ප්‍රකාශ කළහ. බොදුබල සේනා සංවිධානයේ මෙහෙයුම් කාර්යාලයේ පෙරේදා (01) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමීයෝ,

"අවුරුදු 70ක් තිස්සේ කිසිම ආණ්ඩුවක් සිංහල ජනතාවයි. දෙමළ ජනතාවයි ළං කරන වැඩපිළිව‍ෙළක් ඉදිරිපත් කළේ නැහැ. ආගමික නම්වලින් පාසල් ටික බෙදුවා. අධ්‍යාපනයෙන් ජනතාව බෙදලා මහ බූරුවෝ
ටික උඩින් ඇවිත් කතා කරනවා සංහිඳියාවක්, ජාතික ඒකාබද්ධතාවක් හදන්න. ඉස්සර වෙලා මේ රටේ දෙමළ මිනිස්සුන්ට සිංහල උගන්න ඕන. සිංහල අපි තමයි බහුතරය.

 බහුතරය ජනතාවක් වෙසෙන රටක අනිත් මිනිස්සුන්ට බහුතර ජනතාවගේ භාෂාව තේර‍ෙන් නැත්නම් පරිපාලානයේදී ගැටලුවක් ඇති වෙනවා. ඒ නිසා මුලින්ම මේ ජනතාවට අවම වශයෙන් අදහස් හුවමාරු කර ගැනීම දක්වාවත් භාෂාව ප්‍රවර්ධනය කළ යුතුයි. ලෝකයේ අනිත් හැම රටක්ම අද එහෙමයි කටයුතු කරන්නේ,ජපානයේදී මාස තුනක් හෝ හයක් ජපන් භාෂාව ඉගෙනගන්න ඕනෑ. ප්‍රංශයට ගියොත්, ඉතාලියට ගියාත් එම රටේ භාෂාව ඉගෙනගන්න ඕන. අද ලංකාවේ චීන ගුවන් විදුලියක් පවා තිබෙනවා.

දැන් චීන අය ලංකාවට ඇවිත් සිංහල ඉගෙනගන්නවා. මේක දෙමළ මිනිස්සු තේරුන්ගන් නෑ, ඒ වෙනුවට බහුතර සිංහලයාට කියනවා දෙමළ ඉගෙනගන්නලු. මේක මාර වැඩක්නේ. අපට සාමාන්‍ය ජනතාව එක්ක කිසිම ගැටුමක් නැහැ. දෙමළ මිනිස්සු සමග අදහස් හුවමාරු කරගන්න පුළුවන් විදියේ වැඩපිළිවෙළක් අනිවාර්යයෙන්ම හැදෙන්න ඕන.

උතුරේ බෙදුම්වාදය හා රටපුරා වේගයෙන් පැතිර යන ඉස්ලාමික අන්තවාදය නිසා අද සිංහලයා අනතුරු දෙකකට මුහුණ දීලා සිටිනවා. රට දෙකට කඩන්න දඟලන මිනිස්සු දගලන අයත් සිටින ප්‍රදේශ ඇතුළුව ඉස්ලාම් අන්තවාදය ඔඩුදුවන බව.මේ රටෙි 70%ක් සිංහලොයෝ ඉන්නේ. මේ සිංහලයෝ ටික එකට එකතු කරන වැඩපිළිවෙළක් අපට අවශ්‍යයි. ඒක අපි බණ දේශනා කරදිත් කියනවා. සමුවළු තියලා කියනවා.

මම හිර‍ෙන් එළියට ඇවිත් ජුලි 07 වැනිදා මහනුවරදී ඒකට පළමු වෙඩි මුරය තිබිබා. සිංහල මිනිස්සු මොන හේතුවක් ඇතිව බෙදෙනවාද කියලා හිතාගන්න බැහැ. අපේ අය දන්නේ බෙදෙන්න විතරයි, ඒ අයට එකතු වෙන්න වැඩපිළිවෙළක් තියෙනවා කියලා පේන් නෑ. හැබැයි අපි අන්තිම මොහොත දක්වා සටන් කරනවා.
අපි මහන්සි වෙලා කැපව‍ෙනවා මේ භේද භින්න වෙලා ඉන්න ජාතිය බේරගන්න. ගොඩනැගිල් අත්තිවාරම පළුදු වෙලා නමි ගේ අයිති කෙනා එය ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතුයි. ඒ නිසා රටවටකර වැට බැඳිය යුතුයි. රටේ ඉන්න මිනිස්සු සිංහල, දෙමළ භේදයකින් තොරව ඒක නීතියකට,

එක අධ්‍යාපන ක්‍රමයකට ගෙන ආ යුතුයි. නමුත් දේශපාලනය විසින් රටේ ජනතාව බෙදා තිබෙනවා. අවසානයේදී මේ රට නැතිවෙනවා. මේ තමයි සිංහලයාට ලැබෙන අවසාන අවස්ථාව, මොළේ කල්පනා කරලා බෙදුම්වාදය හා ඉස්ලාම් අන්තවාදය පරද්දන්න තියන. සිංහලයාට හිතැති රට ගොනු කළ හැකි වැඩපිළිවෙළකට සහාය දිය යුතුයි.

අපි තවදුරටත් බලා සිටිනවා. ඉස්සරහට කොහොමද වැඩ කරන්නේ කියන කලබලයක් නැහැ. මේ බලවේග ප‍ෙළගැහෙන විදිය බලලා අපේ වැඩපිළිවෙළ ඉදියෙට ක්‍රියාත්මක කරනවා. නිවනක් නෑ දුරකථනයට. දන් ටිකක් වලදන්න වෙලාවක් නැහැ. මිනිස්සු ඇවිත්  කියනවා අනේ හාමුදුරුවන් මේ එකක්වත් එපා, ඔබ වහන්සේ ඉදිරිපත් වෙන්න කියලා. ඉලදාරීන්ගෙන් බේරීල්ලක් නැහැ.දේශපාලනඥයන් වට වන්දනාවේ. යන විදියට සහ ඒ අයගේ උත්සාහයක් නැත්නම් අපි කල්පනා කරනවා  මොකක්ද කරන්නේ කියලා" යනුවෙන් පවසා සිටියහ.
  (අමිත් මධුරංග)