එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර මහතා පැවසීය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ඇප මුදල් තැන්පත් කර තිබෙන්නේ පක්ෂයක් හරහා බව ද එම පක්ෂයේ ලාංඡනය වෙනස් කිරීමට ගොස් නීතිමය බාධාවක් ඇති කර ඔහුගේ අපේක්ෂකත්වය ප්‍රතික්ෂේප කරවීමට
සන්ධාන ගොඩනැඟීමේදී මෙතෙක් සෑම පක්ෂයක්ම පාහේ සිදු කළේ පොදු ලාංඡනයක් හරහා මැතිවරණයට ඉදිරිපත් වීම බවත් ඒ තුළින් විශාල ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකි වූ බවත් අමරවීර මහතා කීවේය.
පොදුජන පෙරමුණ සමඟ ඇති කර ගැනීමට නියමිත සන්ධානය ඉතා සුබවාදී ලෙස අවසන් කිරීමට ශ්රීලනිපය සූදානම් බව ද කී අමරවීර මහතා ඒ සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ගිවිසුමකට එළැඹීමට නියමිත බව ද කීවේය.
යම් හෙයකින් පවත්වන සාකච්ඡාවලදී එකඟතාවට පැමිණීමට හැකි වුවහොත් අද සිටම ගෝඨාභය මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ වී කටයුතු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බව ද සමරවීර මහතා සඳහන් කළේය.
එසේ නොමැති වුවහොත් පක්ෂයක් ලෙස නිදහස් පක්ෂය ජනාධිපතිවරණයේදී ගන්නා තීන්දුව ලබන 5 වැනිදා පවත්වනු ලබන පක්ෂ මධ්‍යම කාරක සභාවේදී ගන්නා බව ද අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
අරුණ බෝගහවත්ත