ගෝඨභය රාජපක්ෂගේ ආර්ථීක  ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළෙහාත් රාජ්‍ය ආයතනවල සේවය කරන ලක්ෂයක පමණ පිරිසකට රැකියා අහිමි වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ල පෝද්දල ප්‍රදේශයේ ජන රැලියකදී ඊයේ (24) පැවැසීය.

සියලු රාජ ආයතන මහා භාණ්ඩාගාරයට පාඩුවක්  නොවන ආකාරයට පවත්වාගෙන යනවා යැයි ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් 22දා මාලබේදී පවසා තිබෙන බව කී අග්‍රාමාත්‍යවරයා, එම කතාවෙන් තෙරෙන්නේ පාඩු ලබන රාජ්‍ය ආයතන සඳහා මහා භාණ්ඩාගාරයෙන් මුදල්

ගෙවන්නේ නැති බව යැයිද කීය. පාඩු ලබන රජ්‍ය සංස්ථා සඳහා රුපියල් කෝටි 2600ක් දැනට ගෙවන බව කී අග්‍රාමාත්‍යවරයා, මෙම මුදල් ගෙවීම නතර කළහොත් ලක්ෂණයකගේ පමණ රැකියා අහිමිවව බවත් පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ ආර්ථික ප්‍රතිපත්තිය වන්නේ පාඩුව පියවා ගැනීම සඳහා ඒ ආකාරයෙන්ම මුදල්
යොදවන අතර, වසර 10ක් තුළ පාඩුව අවම කර ගැනීමට උත්සාහ කිරීම බව ද අග්‍රාමාතවරයා කීවේය. මෙලෙස පාඩු ලබන ආයතන එකවරම ලාබ ලැබීමට නම් උදාහරණයක් ලෙස විදුලිබිල පස් ගුණයකින්ද, සීසන් ටිකට් පත හය ගුණයකින් ද වැඩි කරන්නට සිදුවනු ඇති බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම සඳහා
පෝද්දල මහජන ක්‍රීඩාංගණයේ පැවති ජන රැළියකදී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසීය.