ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසි භාවය ව්‍යාකූල බවට කරුණු දක්වමින් විභාගවූ රිට් පෙත්සම පසුගිය 2.3 හා අද 4 ශ්‍රේෂ්ඨාධිකරණයේදී විභාගවීමෙන් පසුව අද සවස තින්දුව ලබාදුන්නේ ඔහුට වාසි වන ලෙසයි. ඒකමතිකව එම පෙත්සම ඉවත දැමීමට
ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීන්දු කරන ලදි.
ඒ අනුව පෙත්සම් කරුවන් ඉල්ලා සිටි සර්ටියෝරාරි රිට් ආඥාවක් නිකුත් කරන්නට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරේ නැත.
ඔහු විධිමත් ලෙස ශ‍්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගත් අයකු නොවන බව දක්වා ශ‍්‍රී ලාංකිකයකු ලෙස
මෙම තත්වය මත දැනට ඇප මුදල් තැන්පත් කර තිබූ ගෝඨාභය රාජපක්ෂ ජනපති අපේක්ෂකවරයාට සිය අපේක්ෂකාත්වය තවදුරටත් වලංගු වන අතර ජනපති තරගයට ඉදිරිපත් වීමට හැකිවේ.
ශ්‍රී ලංකා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ යන මහත්වරුන් විසින් මෙම රිට් පෙත්සම් ගොනු කරනු ලැබ තිබුණි.