සත්කාරක එංගලන්තය හා නවසීලන්තය අතර පැවැති එම තරගයේදී කණ්ඩායම් දෙකම සමලකුණු (ලකුණු 241) රැස් කිරීමට සමත් වූ අතර, ඒ හේතුවෙන් සුපිරි පන්දු වාරය දක්වා තරගය දිගහැරුණි. කෙසේ නමුත්
බලාපොරොත්තු නොවූ පරිදි එම සුපිරි පන්දු වාරයේදී කණ්ඩායම් දෙකම සම ලකුණු (ලකුණු 15) රැස් කළේ තරගයේ විසදුමක් ගැනීම තවදුරටත් ප්රමාද කරමිනි.
මේ හේතුවෙන් එතෙක් පැවැති තරග නීති අනුව ජයග්රාහකයා තීරණය කෙරුණේ අදාළ තරගයේ කණ්ඩායම් දෙකම වාර්තා කළ හතෙරේ
කෙසේ නමුත් මෙම සිදුවීමත් සමග අදාළ නීතියේ අඩුපාඩුකම් කරළියට පැමිණියේය. බොහෝ දෙනෙකු අතර එම අඩුපාඩු ගැන කතාබහක් ඇති විය.
මේ හේතුවෙන් පෙරේදා (14දා) ඩුබායිහිදී රැස් වුණු අයි.සී.සී. කමිටු ප්රධානින් තීරණය කළේ, මින් ඉදිරියට පැවැත්වෙන තරගාවලිහිදී ලකුණු සම වී සුපිරි පන්දුවාරයේදීද, ලකුණු සම වුවහොත් ජයග්රාහකයා තීරණය වන තෙක් සුපිරි පන්දුවාරයන් ක්රීඩා කිරීමටය.
කසේ නමුත් මෙම නව නීතිය ක්රියාත්මක කළ හැක්කේ විස්සයි20 හෝ එදින ලෝක කුසලාන ක්රිකට් තරගාවලියන්හි අවසන් පූර්ව තරග සහ අවසන් තරගයේදී (පිළිමළුන් පිටුදැකීමේ වටවලදී) වේ. මූලික වටයේ තරගවලදී සුපිරි පන්දුවාරද ලකුණු සමවීමකින් අවසන් වුවහොත් එම තරග ලකුණු සම වීමෙන් අවසන් වූ තරග
ලෙස සලක ජය පරාජයකින් තොරව නිමා වූවා සේ සලකයි.
විශ්ව මුදියන්සේ