මෙවර ජනපතිවරණයේ අපේක්ෂකයින්ට රූපවාහිනී නාලිකා මගින් අවස්ථාව ලබාදීමේ වේලාව ගැන පසුගිය දිනවල විවිධ සංසන්දනයන් පළවිය. ඒ ඒ පක්ෂවලට හිතවාදී නාලිකා මගින් වැඩි වේලාවක් තම අපේක්ෂකයින් වෙනුවෙන් වෙන්කර ඇති බවත්
එය ජනතාවගේ

සංඛ්‍යාත අයථා භාවිතයේ යොදවන්නක් බවටත් විවේචන පළවිය. කෙසේ වෙතත් මේ වනවිට ඒ ඒ නාලිකාවල වේලාව පිළිබඳව නොව ලබාදෙන වේලාව තුළ අදාළ අපේක්ෂකයාගේ කතාවේ ගුණය පිළිබඳ පරස්පරතා හඳුනාගන්නට ලැබේ. තමන් නොකැමති අපේක්ෂකයාට වේලාව ලබාදීමේදී එම අපේක්ෂකයා සිනහවට ලක්වන ආකාරයේ කතා කොටස් පමණක් උපුටා දැක්වීමට ඇතැම් නාලිකා කටයුතු කර ඇති බවට විවේචන පළව තිබේ. මේ සමග පළවන්නේ සජිත් ප්‍රේමදාස වත්තේගමදී කළ කතාව හිරු හා අයිටීඑන් නාලිකා ඉදිරිපත් කළ ආකාරයයි


මේ සමග පළවන්නේ සජිත් ප්‍රේමදාස නාවලපිටියේදී කළ කතාව සිරිස - දෙරණ නාලිකා ඉදිරිපත් කළ ආකාරයයි