https://www.gossiplankanews.com/2019/10/korea-sri-lankan-fight-one-died.html#more
කුණු කොරියාවේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික තරුණයන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක දී සිදුවූ පිහි ඇනුමකින් එක් ලාංකිකයකු මියගොස් ඇති අතර, ලාංකිකයන් තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි එරට
තානාපති අංශ ආරංචිමාර්ග පවසයි.මෙලෙස මියගොස් ඇත්තේ වීසා කාලය ඉක්මවා එරට නීති විරෝධි ලෙස රැඳී සිටි ලාංකික තරුණයකු බව එම ආරංචි මාර්ග කියයි.


තුවාල ලබා ඇත්තේ මියගිය තරුණයාගේ මිතුරන් දෙදෙනකු බව ද වාර්තා වේ. දකුණු කොරියාවේ යොන්සංගම්හි සවියොන් සී ප්‍රදේශයේ ඉකුත් අගහරුවාදා (22) මෙම ගැටුම සිදුවී ඇත. පිහි ඇනුමෙන් මියගිය තරුණයා සහ ඔහුගේ මිතුරන්  දෙදෙනා එක්ව යොන්සංගම් හි සිවයොන් සී ප්‍රදේශයේ සිටින වෙනත් ලාංකික තරුණයන් දෙදෙනකුට පහරදීමට ගොස් ඇති බවත් එහිදී ඇතිවූ ගැටුමේ දි පිහි ඇනුම සිදුවී ඇති බවත් දැනගන්නට තිබේ.

තිදෙනකුගෙන් යුත් කණ්ඩායම් සිටි එක් තරුණයකු පිහි පහරින් ජිවිතක්ෂයට පත්ව ඇති අතර, අනෙක් තරුණයන් දෙදෙනා තුවාල ලබා ඇතැයි පැවැසේ.මොවුන් අතර දිර්ඝ කාලයක සිට පවතින ආරවුලක  ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුවී ඇති බවට තොරතුරු අනාරණය වී ඇති බව එම ආරංචි කියයි.මෙම කණ්ඩායම් දෙක ඉකුත් 19 වැනිදා ද ගැටුමක් ඇති කරගෙන ඇත.

ගැටුමට සම්බන්ධ ලාංකිකයන් පස්දෙනාම දකුණු කොරියාවේ රැඳී සිටිමට ලබා දුන් වීසා කාලය ඉක්මවා එහි රැඳී සිටින අය  බව ද පැවසේ. ඝාතනය සිදු කළ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුට ගෙන නොමැති අතර ඒ සම්බන්ධයෙන් එරට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

-තිලිණි ද සිල්වා-