ඥානසාර හිමියෝ පැවසූහ.
2015 වසරේදී බලයට පැමිණි පුද්ගලයන් යහපාලනය ගෙන එන බව පවසා දේශපාලන බලය ලබාගෙන එක දවසින් මුළු රටේම ආර්ථිකය බිඳවැට්ටූ බවද උන්වහන්සේ සඳහන් කළේය.
2015දී ආණ්ඩු පෙරළීයට දායක වූ අන්තවාදී මත දරන ත්‍රස්ත කල්ලි නියෝජනය කරන පුද්ගලයන් මෙවර ජනාධිපතිවරණයේදී යළි එක්ව සිටින බවද එ් හිමියෝ පෙන්වා දෙති. කෑගල්ල, වටාරම රජමහා විහාරයේදී පසුගියදා
කරන පුද්ගලයන් 2015දී ආණ්ඩු පෙරළියට දායක වූ බව මම ඒ දිනවල හෙළි කළා. එදා හයිඩ් පාර්ක් පිටියේදී අපි කිව්වා ලෝකයම භීතියට පත් කරන මතවාද සහිත ත්‍රස්ත කල්ලි නියෝජනය කරන ආගමික මතවාද සහිත කණ්ඩායම් මෙන්න ඇවිල්ලා ඉන්නවා. මෙම කොටසක් අකුරණ ඉන්නවා. කොටසක් කාත්තන්කුඩියේ ඉන්නවා. තව කොටසක් කොළඹ ඉන්නවා. අපි නම් ටික කිව්වා. යහපාලනය සඳහා පෙරමුණු 07ක් ඔවුන් නිර්මාණය කර තිබුණා. මේ ඔක්කොම එදා උදාවි කෙරුවේ යහපාලන ආණ්ඩුවට ගෙන. ඒක ඇතුළෙ දේශපාලන බලය ලබාගෙන ඒක දවසින් මුළු රටේම ආර්ථිකය බිඳවැට්ටුවා. සංචාරක ව්‍යාපාරය බිඳ වැටුණා. ඒ විදියට ආර්ථිකය බිඳ වට්ටන්න මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීම සඳහා ඉස්ලාමික අන්තවාදී බලවේග දුර්වල ආණ්ඩුවක් කෙරුවා.
ඒ දුර්වල ආණ්ඩුව ත්‍රස්ත කල්ලි
ප්‍රතිඵලය ලෙස පුදබිමක මිනිස් ජීවිත 300කට ආසන්න ප්‍රමාණයක් අහිමි වුණා. තවමත් ආබාධිත දරුවන් රෝහල්වල ඉන්නවා. ආණ්ඩුව දුර්වලයි. ඒ අයට ඕන බලය. දේශපාලන බලයට මුවා වුණා. 2015 යහපාලනය ගෙන එන්න වැඩ කළ කල්ලි කණ්ඩායම් මේ වතාවෙත් ජනාධිපතිවරණයට උදව් කරමින් සිටිනවා. 2015 යහපාලන ආණ්ඩුව ගෙන වැඩ කරපු සිද්ධික් ෆාරුක්ලා, නජාඩි මොහොමඩ්ලා, රිෂාඩ් බදියුදීන් වැනි අය ගිහි වතායිවත් උදව් කරනවා. ඔවුන් බලයට පැමිණියහොත් කොහොම තියේවිද? ජනාධිපතිවරණයේදී ජනතාව තීන්දුවක් ගැනීම සඳහා පාරවල් දෙකක් පෙන්නන්න පුළුවන්. මිනිසුන්ට ආදරයෙන් අපි කියනවා එක පාරක් කාපට් දාලා ඇති. ගැස්සේන්නේ නැතුව යන්න පුඵවන් ඇති. හැබැයි ඒ පාරේ කොටි ඉන්න බව මතක තියාගන්න. ඒ පාරේ විෂඝෝර සර්පයන් ඉන්න බව මතක තියාගන්න. ඒ බව අපි දැක්කා උතුරට ගියාම. ටිකක් අමාරුවෙන් ඝර සර්ප බිය නැති කළින් පාරේ යන්න.කොටි බිය නැති පාරේ යන්න. ඒක තෝරගන්න” යනුවෙන් පවසා සිටියහ.
-අමිත් මධුරංග-