ගමනක් යාමට තමන් මෙවර ජනාධිපති මැතිවරණයට ඉදිරිපත්ව සිටින බව ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජෙනරාල් මහේෂ් ස්නානායක මහතා පැවසීය. ජනාධිපති අපේක්ෂකවරයා මේ බව පැවසුවේ,ගම්පහ නගර සභා පිටියේදී ඊයේ (10) එම පක්ෂයේ මංගල රැලිය අමතමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු සේනානායක මහතා මෙසේද පැවසිය.
"මෙම ගමන යාම පිණිස විශේෂඥ දැනුමක් සහිත
යළිත් රටට සේවයක් ලබාදීම පිණිස කටයුතු කරනවා මිසක මට මගේ පවුලක්, ඥාතීන් හෝ මිත්‍රයින් ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාවක් නැහැ,
මෙහිදී මම ඉදිරිපත් වගේ ජනතා අවශ්‍යතාවන් ඉටු කිරීම පිණිස පැහැදිළිවම, නිර්නාමිකව ව්‍යවස්ථාවට අනුකූලවයි, රට ගොඩගැනීමට නායකත්වය ලබාදිය හැක්කේ පැහැදිලිවම නිපාක්ෂික ජනාධිපතිවරයකුට පමණයි. මම නිර්පාක්ෂිකව මේ රට ගොඩනැගීමට පියවර ගනු ලබනවා.
මට කිසිම දේශපාලන පක්ෂයක් නැහැ මගේ මැතිවරණ ක්‍රමය තුළදී පමණයි පක්ෂයක් පාවිච්චි කිරීමට සිදුව තිබෙන්නේ, ඔබගේ වාසනාවට මගේ වාසනාවට ලැබී ඇති ලාංඡනය විදුලි බුබුලයි. මෙතෙක් කල් අදුරේ පැවති මේ රටට ආලෝකය ලබාදීමට හැකිවන්නේ මේ ලාංඡනය යටතේ එන අපිට පමණයි."
මෙහිදී ජාතික ජනතා පක්ෂයේ සභාපති, හිටපු විගණකාධිපති ගාමිණී විජේසිංහ, රංගන ශිල්පී කමල් අද්දරආරච්චි යන මහත්වරුන් ඇතුළු කිහිප දෙන්නේද අදහස් දැක්වූහ.
ගම්පහ - තිලකරත්න දිසානායක