පාස්කු ඉරුදින ප‍්‍රහාරය ගැන කරුණු සෙවූ  පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව නොපිළිගන්නා බව හිටපු ජනාධිපති විපක්ෂනායක මහින්ද රාජපක්ෂ
මහතා මහනුවරදී පැවසීය. හිටපු ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ දළදා වහන්සේ 24දා වැඳපුදා  ගැනීමෙන් පසුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි. 

මහින්ද රාජපක්‍ෂ මහතා එහිදී මෙසේ ද කීය. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ චෝදනා එල්ල වී ඇති, කීහිප දෙනකුත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කටයුතු කළා.

එවැනි පිරිසක් සිටි සභාවක් දුන් වාර්තාවක් පිළිගන්නේ කොහොමද? අපට එය කිසිසේත් පිළිගන්න බැහැ. එවැනි පිරිසක් එම කමිටුවට සම්බන්ධවීම පිළිගන්නේ නැහැ. මහින්ද රාජපක්‍ෂ මහතා දළදා වහන්සේ වැඳපුදා ගැනීමෙන් පසුව තිබ්බටුවාවේ සුමංගල මල්වතු පාර්ශවයේ මහනායක හිමියන් හා වරකාගොඩ ශ්‍රී ඥාණරතන අස්ගිරි පාර්ශ්වයේ මහනායක හිමියන් ද බැහැදැක පිළිසදරක යෙදුණේය.

-සුජිත් හේවාජුලියගේ-