නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චකාර තනතුරකට පත්කරන ලෙස ඉල්ලමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යොමුකළ ලිපියක්
ජනාධිපති කාර්යාලයේ නොමැති බව එම කාර්යාලය සඳහන් කළේය. තොරතුරු දැනගැනීමේ පනත යටතේ සිදුකළ තොරතුරු ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්ත මහතාගේ අත්සනින් යුතුව යොමුකළ ලිපියක මේ බව දක්වා ඇත.
නීතිපති දෙපාර්තුමේන්තුවේ සොලිසිටර්
ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චකාර තනතුරකට පත්කරන ලෙස ඉල්ලමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමාට ලිඛිත ඉල්ලීමක් සිදුකළ
බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය සැප්තැම්බර් 23 වැනිදා පැවසිය.අග්‍රාමාත්‍යවරයා යොමුකළ ලිපිය ලබාගැනීමට තොරතුරු දැනගැනීමේ පනත යටතේ මාධ්‍යවේදියකු යොමුකළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ජනාධිපති
ලේකම් කාර්යාල සඳහන් කර ඇත්තේ , එවැනි ලිපියක් ජනාධිපති ලේකම් කාර්යලය සන්තකයේ, භාරයේ හෝ පාලනයේ නොමැති බවයි. ඉන් අනතුරුව මෙම ලීපිය ලබාදෙන ලෙස ජනාධිපති කාර්යාලයේ නම් කළ නිලධාරියා වන ජනාධිපති ලේකම්වරයාට ජනමාධ්‍යවේදීයා අභියාචනයක් යොමුකරමින් අදාළ ලිපිය ඉල්ලා ඇත. ඒ අවස්ථාවේදී එවැනි ලිපියක් ජනාධිපති ලේකම් කාර්යාලය සන්තකයේ භාරයේ හෝ පාලනයේ නොමැති බව දන්වමින් ජනාධිපති ලේකම් උදය ආර්.
සෙනවිරත්න මහතාගේ අත්සනින් යුතු ලිපියකින් දන්වා ඇත.