අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ පැවසූහ.
උතුරු කළුතර අශෝකාරාම වීහාරස්ථානයේ පැවැති දහම් පාසල් උත්සවයකට පහුගියදා (06දා) සහභාගී වෙමින් උන්වහන්සේ මෙසේ පැවසූහ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අගරදගුරු හිමියෝ,
"අද සමහර වැඩිහිටියන් හැසිරෙන ආකාරය දුටුවීට අපට සාධාරණ ලැජ්ජාවක් ඇති වෙනවා. ඒ නිසා දරුවන් කුඩා කල සිටම ධාර්මික පැවැත්ම කරා ගෙන යා යුතුයි. ආගමික නායකයන් රටතුළ ධාර්මික පිබිදීමක් ඇති කළ යුතුයි. ඒ සඳහා දහම් පාසල් විශාල මෙවලමක් වෙනවා. දෙමවුපියන් රට වෙනුවෙන් කරන යුතුකමක් ලෙස
දරුවන්ට උගන්වන්නේ දහම් පාසල් තුළින්. ඉරිදා සහ පෝය දිනවල ටියුෂන් පන්ති තහනම් කළ යුතුයි කියන හඩක් බොහෝ කාලෙක ඉදලා තිබුණි. මේ සම්බන්ධයෙන් ඇමතිවරයෙක් පාර්ලිමේත්තුවට පනතක් ගෙන එන බව දැනගන්නට ලැබුණා. ඒ විජේදාස රාජපක්ෂ මහතා, මම ඒ මහත්තයාට කතා කරලා ස්තුති කළාම ඒ මහත්තයා කිව්වේ ටියුෂන් ගුරුවරු පිරිසක් ඊට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක් පවරා තියනවා කියලයි. ඒ ටියුෂන් ගුරුවරුන්ට විරුද්ධව මම උසාවි ගියා. එම පනත සාධාරණ බවත්, ඉන් මූලික අයිතීන් උල්ලංඝනය නොවන බවත්, උසාවිය තීරණය කළා.
ඒ අනුව මේ පනත පාර්ලිමේත්තුවට ඉදිරිපත් කරලා වැඩි ඡන්දයෙන් සමිමත වුනාම ඇති. 2/3ක් හෝ ජනමත විචාරණයක් මීට අවශ්‍ය නැහැ. අපිට රටේ දරුවන්ගේ ආගමික අධ්‍යාපනය වෙනුවෙන් මම පනත සම්මත කරගන්න කියලා රටේ නායකයන්ගෙන් මා ඉල්ලා සිටිනවා.
ලංකාවේ අය ජන්ද කරන හැටි අපට පේනවා. එකිනෙකාට චෝදනා කරමින් යටිගිරීයන් කෑ ගහනවා. සද්දේ වැඩි කරන තරමින් පෙන්නුම් කරන්නේ ඒ අයගේ මෝඩකම තමයි. කොච්චර කෑ ගැහුවත් වැඩක් වෙන් නැහැ.ඡන්දෙ දෙන්නෙ කාටද කියලා මේ වෙනකොට ජනතාව තීන්දු කරලා ඉවරයි. ඔළුව පාවිච්චි කරලා සුදුසු කෙනාට ඡන්දෙ දෙන්න ජනතාව දන්නවා. කෑගහලා කාටවත් මඩගහන්න අවශ්‍ය නැහැ, ලංකාවේ ඉන්නේ ඡන්දෙ දාගන්න පුළුවන් උගත් අය මේ දේශපාලනඥයන් ශීලාචාර වන්න පුරුදු විය යුතුයි.
ඒ වගේම පැරදුනු අය
අපේ සංස්කෘතිය හැදී තිබෙන්නේ බෞද්ධ ධර්මය තුළින්. අප සියලු දෙනා බෞද්ධ ශිෂ්ටාචාරය තුළ ජීවත්වීමට වෑයම් කළ යුතුයි. අනෙක් ආගම් පෝෂණය වන්නේද බෞද්ධ ධර්මය තුළින්, ආගමික නායකයන් ලෙස. අප කටයුතු කළ යුත්තේ ලස්සන රටක් හදා ගැනීමිටයි.” යැයිද පවසා සිටියහ.
කෝට්ටේ කල්‍යානී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනාහිමි, ශ්‍රී ලංකා අමරපුර සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ මහ නායක අතිපුජ්‍ය. පරකඩුවේ මහින්දවංශ හා උතුරු කළුතර අශෝකාරාමාධිපති අතිපූජ්‍ය පරකඩුවේ. සරණංකර යන නාහිමිවරුන් ඇතුළු තවත් කීපදෙනෙකුම මෙහිදී අදහස් පළ කළහ.
-කළුතර - සුනිල් එස්.තන්ත්‍රීආරච්චි