විවාදයට පැමිණීමට ගෝඨාභය රාජපක්ෂ කොන්දේසි තුනක් සජිත් ප්‍රේමදාස වෙත ඉදිරිපත් කොට ඇති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය. එක්සත් ජාතික පක්ෂ මාතර, වැලිගම ආසන බලමණ්ඩල රැස්වීමට පෙරේදා (26දා) සහභාගිවෙමින් හෙතම මේ බව පවසා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ ඒ මහතා,
" සජීත් ප්‍රේමදාස කියන්නේ ජනමාධ්‍යයන් හැංගෙන නායකයෙක් නෙමෙයි. මාධ්‍ය ප්‍රශ්නයක් ඇහුවම අයියා දිහා බලන නායකයෙක් නෙමෙයි. මොකද එතුමා වැරදි කරලා නැහැ. දැන් බලන්න ගෝඨාභය රාජපක්ෂට
අභියෝග කරා සජිත් ප්‍රේමදාස ප්‍රසිද්ධ විවාදයකට එන්න කියලා, ඕන රටක එවැනි ප්‍රසිද්ධ විවාද, කරනවා. නමුත් එය කියලා දැන් දවස් 4ක් වෙනචා. එතුමා තවම නිහඬයි. ගොලුවා තවත් ගොලු වුණා. දැන් සමහරු කියනවා එතුමා පුද්ගලිකව සජිත් ප්‍රේමදාසට ලියුමක් එවලා තියනවලු කොන්දේසි 3ක් ඉදිරිපත් කරනවයි

ඒතුනට කැමති නම් එනවයි කියලා. පළමුවැනි ඒක අහන ප්‍රශ්න ටික කලින් එවන්න ඕනලු. දෙවැනි එක ප්‍රශ්නවලට උත්තර දිනකොට අර කන්නාඩිය වගේ දෙපැත්තෙන් තියන ටෙලිපොක්ටර් දෙකක් ඕනලු. බැරි වෙලාවත් දෙකෙන් එකක් කඩාවැටුනොත් ඔක්කොම ඉවරයි. නැත්නම් කවුරුහරි පිටිපසන් ඉදලා ෆ්ලග් එක ඇන්දොත් ආයෙමත් ගොත ගහන්න ගන්නවා. තුන්වැනි කොන්දේසිය අයියත් එන්න ඕනලු. මේ වගේ රට රවට්ටන ආකාරයෙක්ට ආයේ නම් එන්න දෙන්න එපා. ගෝඨාභය රාජපක්ෂ කියන මහා වීරයෙක් නෙමෙයි යුද්ධ කාලේ පැනලා ගියපු කෙනෙක්.