නැගෙනහිර පළාත් ප්‍රධාන සංඝනායක පොතුවිල් මුහුදු මහා විහාරාධිපති වරකාපොළ ඉන්දසිරි, නැගෙනහිර පළාත් උප ප‍්‍රධාන අධිකරණ සංඝනායක අම්පාර සමනබැද්ද මහා පිරිවෙන් අධ්‍යක්ෂ සිරිදිගනේ සිරිතිලකසිරි, අම්පාර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී උක්සිරිපුර විදුහලේ විදුහල්පති ඇතිමලේ ආනන්ද, හිඟුරාන උත්ත ජයමහා විහාරාධිපති හිඟුරානේ සිරිධම්ම, උඩමලත්තේ රතනප්‍රිය යන හිමිවරු මුහුදු මහා විහාර භූමියේ දී පෙරේදා (1) මෙම සත්‍යග්‍රහය ආරම්භ කළහ.
මෙම සත්‍යග්‍රහය සම්බන්ධයෙන් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නැගෙනහිර පළාත් සහකාර අධ්‍යක්ෂ මහින්ද
"පොතුවිල් මුහුදු මහා විහාරයට අයිති ඉඩම්වල අනවසර ඉදිකිරිම් නවතන ලෙස අපි දින දෙකක සිට සත්‍යග්‍රහයක් ආරම්භ කළා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මැදිහත්ව අධිකරණ නියෝගයක් අරගෙන මෙම ඉදිකිරීම් තාවකාලිකව නතර කළා. වසර 2000 කට
පුරාවිද්‍යා අධ්‍යක්ෂ සෙනරත් පරණවිතාන මහතාගේ කාලයේ මෙම මුහුදු මහා විහාරයට අක්කර 72 ක් වෙන්කරලා තියෙනවා. නමුත් අද වෙන විට පන්සලට ඉතුරුවෙලා තියෙන්නේ අක්කර හතරක් විතර. අනෙක් ඒවා අත්තවාදීන් අල්ලනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දුර්වලකම නිසා තමයි මුහුදු මහා විහාරයට මේ තත්ත්වය උදාවලා තියෙන්නේ ඒක නිසා අපි වර්තමාන පුරාවිද්‍යා අධ්‍යක්ෂ පී.බී. මණ්ඩාවල මහතාගෙන් ඉල්ලීමක් කරනවා කරුණාකරලා මේ ප්‍රශ්නයට මැදිහත් වෙලා මුහුදු මහා විහාරයේ ඉඩම් ගැටලු නිරාකරණය කරන්න කියලා. ඉදිරියේ මෙම ගැටලුව නිරාකරණය කිරීමට පියවර නොගත්තොත් අපි මාරාන්තික උපවාසයකට යන එක කාටවත් නතරකරන්න බැහැ" යැයිද කීය.
-වසන්ත චන්ද්‍රපාල-