නොවැම්බර් 16 වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණ සඳහා ඇප තැන්පත් භාර ගැනීම අද (06) දහවල් 12.00ට අවසන් වූ අතර
පසුගිය ජනපතිවරනයේ තරග වැදුණ නීතීඥ නාමල් රාජපක්ෂ (මහින්දගේ පුතු නොවේ) ද මෙවර අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් විය.
අද ඇප මුදල් තැන්පත් කරනු ලැබුවන් අතර
මැතිවරණ මහ ලේකම් කාර්යාලය සඳහන් කලේ මෙවර ජනාධිපතිවරණ සඳහා අපේක්ෂකයින් 41 දෙනෙක් ඇප මුදල් තැන්පත් කර ඇති බවයි. මෙතෙක් ඉතිහාසයේ ජනාධිපතිවරණයක් සඳහා ඇප තැන්පත් කරනු ලැබූ වැඩිම අපේක්ෂකයින් සංඛ්‍යාව මෙයයි.
නීතීඥ නාමල් රාජපක්ෂ 2015 ගියවර ජනපතිවරණයට ටෙලිෆෝනය ලකුනින් ඉදිරිපත්වී ඡන්ද 15726 ක් ලබාගත් අතර 4 වැනියා විය.
ඔහුගේ නම අගට රාජපක්ෂ සටහන්වීම නිසා ඇතැමුන් මහින්ද රාජපක්ෂගේ නමට පැටලී ගියවර ඡන්දය ප්‍රකාශ කර තිබූ බවට විශ්ලේෂණ වලදී කියැවිණි.
මෙවරද ඔහුගේ නම ගෝඨාභය රාජපක්ෂගේ නම සමග පැටලීමෙන් කිසියම් ඡන්ද ප්‍රමාණයක් ඔහුට වාසි ආකාරයට ලැබීමට ඉඩ තිබේ.
(2015 ජනපතිවරණයේ ඡන්ද 18174 ලබාගෙන 3 වෙනියා වූයේ 'ඩමි සිරිසේන' ලෙස හැදින්වූ ආරච්චිගේ රත්නායක සිරිසේන නම්වූ අපේක්ෂකයාය)