තමන්ගේ සංගමයට ලබාදෙන ලෙසත්, වසර 25ක සේවා කාලය වෙනුවෙන් රන් පදක්කමක් ලබාදෙන ලෙසත් ඔවුන් (ක්‍රිඩා නිලධාරීන්ගේ සංගමය) කළ ඉල්ලීම ක්‍රීඩා අමාත්‍යාංශය විසින් පසුවට කල් දැමීම හේතුවෙනුත් එම සංගමය මෙම තීරණයට පැමිණ ඇතැයි පැවැසේ.
වසරකට වරක් ලංකාවේ පැවැත්වෙන විශාලතම ක්‍රීඩා උළෙලක වගකීමක් නොමැති මෙවැනි සංගමයකට විනිශ්චය කටයුතු ලබාදීම කළ නොහැකි කාර්යයක් බැවින් ක්‍රීඩා අමාත්‍යාංශය මෙවැනි තීරණයකට එළැඹ ඇතැයි අමාත්‍යාංශ නිලධාරියකු සඳහන් කළේය. “මෙවැනි භාරදුර්ය වගකීමක් කරන්න දිගුකාලීන පුහුණුවක් ලබා තිබිය යුතුයි.ඒ නිසා විෂය පිළිබඳ දැනුමක් ඇති පරිණත පුහුණුකරු පාර්ශ්වයකට මෙම කාර්යය පැවරිය යුතුයි. මේ සඳහා මලල ක්‍රීඩා සංගමය මැදිහත් වෙලා ඉන්නවා.
යම් හෙයකින් මෙම ක්‍රීඩා උළෙලේදී ඔවුන්ට (ක්‍රීඩා නිලධාරින්ගේ සංගමය) විනිශ්චය කටයුතු භාරදි කුමක් හෝ අතපසුවීමක් සිදුවුණොත් ඒ චෝදනාව එන්නේ ක්‍රීඩා අමාත්‍යාංශයට හා මලල ක්‍රීඩා සංගමයට. ඒ වගේම ඔවුන්ගේ ඥාතිත්වය මත හෝ තමන්ගේ පළාත වෙනුවෙන් ඉදිරිපත් වන ක්රීඩකයකුට හෝ ක්‍රීඩිකාවකට ඔවුන් සහයෝගය ලබා දෙන්නත් පුළුවන්. මේ හැම දෙයක්ම සලකා බලලා තමයි අපි ඔවුන්ගේ මේ ඉල්ලිම ඉවත දැම්මේ.
ඒ වගේම මෙම සංගමයේ අවුරුදු 25ක සේවා කාලය සපුරා තිබෙන 75කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. ඔවුන් අපෙන් ඉල්ලුවා ඔවුන්ගේ සේවා කාලය වෙනුවෙන් රන් පදක්කමක් ලබා දෙන්න කියලා. මේ සඳහා විශාල වියදමක් යන නිසා අපි එයට ටික දවසක් කල් ඉල්ලුවා. මේකත් මේ වර්ජනයට ප්‍රධාන වශයෙන්ම හේතු වෙලා තියෙනවා" යනුවෙන් එම නිලධාරියා සඳහන් කළේය.
කෙසේ වෙතත් ක්‍රීඩා නිලධාරීන්ගේ සංගමය ගෙන යන මෙම පටු පරමාර්ථය හේතුවෙන් ජාතික මහා ක්‍රීඩා උළෙලේ සමාරම්භක උළෙලේ හා සමාප්ති උළෙලේ ආචාර පෙළපාලියට ඔවුන්ගේ සහභාගීත්වය අවිනිශ්චිත තත්ත්වයේ පසුවන බවද දැනගන්නට ඇත.