යුත්තන් කතාව අඩුකර ක්‍රියාවෙන් මත්ද්‍රව්‍ය මර්දනය කිරීමට ඉක්මන් විය යුතු වෙනවා යැයි, සහනය මානසික නිවාරණ ආයතනයේ පාලන අධ්‍යක්ෂ විශේෂඥ මනෝවෛද්‍ය නිරෝෂන් මෙන්ඩිස් පැවැසීය.
ඔහු මේ බැව් ප්‍රකාශ කළේ ඔක්තෝබර් 10 දාට යෙදුණු ලෝක මානසික සෞඛ්‍ය දිනය තේමා
‘‘මේ රට ඉහළ සිට පහළට විනය පිරිහී තිබෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ හිතුමතේ ව්‍යාපාර ජාලය මෙහෙයවනවා. අනාගත පරපුරට කුමකින් කුමක් වේදැයි හිතාගන්න බැහැ. රජයේ රෝහල් 600 ක් තිබෙනවා. පෞද්ගලික රෝහල් සෑම නගරයකම හා අර්ධ නගරයකම හතු පිපෙන්නා වගේ වැඩිවෙනවා. ප්‍රමිතිය ගැන අප දන්නේ නැහැ. රෝගීන්ද පිරී ඉතිරී ඉන්නවා. වයස 40 ඉක්මවූ බොහෝ දෙනා බෝවන රෝග හා බෝ නොවන රෝගවලින් පිඩා විඳනවා. වැඩිපුර ව්‍යායාම මදිකම නිසා විවිධ රෝගවලට හා ඒ අතර මානසික රෝගීන්ද බහුලයි.
ස්මාට් දුරකථනයක් අරගෙන දුන්නේ නැතැයි කියා තම තරුණ දරුවා තමාගේ අතෙහි සුළඟිල්ල කපා දැමූ බවත් පසුගිය දිනක අප ළඟට ප්‍රතිකාර ගන්න ආ පියෙක් කියා සිටියා. මොන තරම් දුක්බර කතාවක්ද රටේ විනය ඉහළ සිට පහළට තදින් ක්‍රියාත්මක කළ යුතු වෙනවා. එසේ නොවුණහොත් රට යන තැන හිතාගන්න බැහැ’’ යි වෛද්‍යවරයා තවදුරටත් පැවැසීය.
මේ අවස්ථාවට බොරැල්ල අතුල දස්සන විහාරාධිකාරී සල්පිටි හේවාගම් කෝරළයේ උප ප්‍රධාන සංඝනායක බෝගහවැව රතන හිමිපාණන්ද, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එයාර් වයිෂ් මාර්ෂල් සුදර්ශන පතිරණ, සහනය සම්බන්ධීකරණ නිලධාරී එස්. එස්. ධනසිරි, නීතිඥ නීලිය අබේවික්‍රම, ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ අධ්‍යක්ෂ කුමාර ධර්මරත්න යන අයද අදහස් දැක්වූහ.
ක්‍රිෂ්ණ ඩී. එදිරිසිංහ