පිරිසක් විසින් ඊයේ (07දා) අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර පිළිමතලාව ප්රදේශයේ පදිංචි ඉඩම් හිමියා, මාතර ප්රදේශයේ කපු මහතෙකු හා බැකෝ යන්ත්ර ක්රියාකරුවන් දෙදෙනාද වෙති.
වරකාගොඩ ප්රදේශයේ මල්කොටුව වත්ත පෞද්ගලික ඉඩමක මෙම නීතිවිරෝධී කටයුත්ත සිදුවූ අතර ලද තොරතුරක් මත මෙම ස්ථානය වටලන අවස්ථාවේදී විශාල ගලක් සහිත එම ඉඩම බැකෝ යන්ත්ර උපයෝගී කර ගනිමින් හාරමින් සිටි අතර කපු මහතා විසින් මල් පහන් පත්තු කිරීමට උපයෝගි කර ගන්නා තට්ටුවක්ද තිබී ඇත.
සැකකාර කපු මහතා සතුව තිබූ ටෑබ් පරිගණකයක් හා මැණික්ද, එම භුමියේ පඩිපෙළවල ඡායාරූප තිබූ බවද පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීහු පවසති.ප්රදේශවාසීන් පවසන්නේ මෙම ස්ථානය ඈත අතීතයේ රජ බිසවුන් ස්නානය කළ රන් පිල්ල නමි වන බවත්, එම ඉඩමේ විශාල ගලට පහළින් ඇති ළිඳෙන් ප්රදේශවාසීන් මේ දක්වාම ජලය ලබා ගන්නා බවත්ය.
මෙම ස්ථානයේ විශාල ගල තුළට ගමන් කිරීම සඳහා ගල් පඩිපෙළක්ද ඇති බව ප්රදේශවාසීහු පවසති.
මෙහි ඉඩම් හිමියා පවසන්නේ තම ඉඩම් ඇති ළිඳ හැරීම සදහා බැකෝ යන්ත්ර ගෙනැවිත් ඇති බවත්, ඉඩම් හැරීම සදහා සියලු බලපත්ර හා ඉඩම සඳහා තමාට සියලු ලියකියවිලි ඇති බවත්ය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා සමග බැකෝ යන්ත්ර දෙකක්ද,වතුර මෝටරයක්ද,එහි වතුර ජලනල හා ඔවුන් සතුව තිබු දුරකථන තුනක් හා කපු මහතා සතුව තිබූ ටැබ් පර්ගණකයක්ද වේ.සැකකරුවන් හා භාණ්ඩ වැඩිදුර විමර්ශන සදහා දවුලගල පොලීසියට භාර දී ඇත.
-චමිල් රූපසිංහ-