ජනාධිපති අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ තැපෑලෙන් යැවීම ඇතුළු සියලුම තැපැල් වියදම් සඳහා මැතිවරණ කොමිසම රුපියල් මිලියන 4190 ක් ලබාදී ඇතත් ඒවා නොමිලයේ යැවීම සඳහා පමණක් රුපියල්
මිලියන 3000 ක් පමණ
ප්‍රකාශිත නොවන වියදමක් දැරීමට සිදුවී ඇතැයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසීය.

මැතිවරණ කොමිසමෙන් ප්‍රමාණවත් නොවන බවද ඇති අතිකාල වියදම් සඳහා පමණක් ප්‍රමාණවත් බවද හෙතෙම ප්‍රකාශ කළේය.

සාමාන්‍යයෙන් ග්‍රෑම් 20 ක් බර ලිපියක් තැපැල් කිරීම සඳහා රුපියල් 15 ක වියදමක් දැරීමට සිදුවන අතර අවම බර සහිත ප්‍රතිපත්ති ප්‍රකාශ 35 ක් නිවාස ලක්ෂ 54 කට බෙදා හැරීය යුතු බවද ඔහු කීවේය.

මෙම ප්‍රතිපත්ති ප්‍රකාශ 35 අවම බරට වඩා වැඩිවිය හැකි බවද ඒ මහතා සඳහන් කළේය.

(ජයන්ත සමරකෝන්)