අවිහිංසාවාදයේ පියා ලෙස සැලකෙන ඉන්දීය නිදහස් සටනේ නියමුවකු වූ මහත්මා ගාන්ධිතුමාගේ උඩුකය
පිළිරුවක් ඊයේ (02දා) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා ශ්‍රී  ලංකාවේ
ඉන්දීය මහ කොමසාරිස් තරන්ජිත් සිං සන්ධු යන
මහත්වරුන් අතින් නිරාවරණය විය. එහිදී මහත්මා
ගාන්ධිතුමාගේ රුව සහිත මුද්දරයක්ද ශ්‍රී  ලංකා මුද්දර කාර්යාංශය මඟින් නිකුත් කළ අතර නව මුද්දරය
සහිත මුල් දින කවර තැපැල් අමාත්‍ය ඒ.එච්.එම්. හලීම් මහතා විසින් අග්‍රාමාත්‍යවරයා, ඉන්දීය මහ
කොමසාරිස්වරයා ඇතුළු ආරාධිතයන්ට පිරිනමනු ලැබීය. නවීන් දිසානායක සහ සාගල රත්නායක යන
ඇමැතිවරු ඇතුළු ආරාධිතයන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.

සේයාරූ - කැලුම් චාමර