රට පුරා විසිරී සිටින ස්වාමීන් වහන්ස්ලාගේ හා සංවිධානවල එකතුවන්. සකස් කළ විජය ධරණී' ප්‍රතිපත්ති මාලාවට එකඟ වන. අපේක්ෂකයාට සහාය ලබාදෙන බව පූජ්‍ය අතුරලීයේ රතන හිමියෝ පවසති.රතන
හිමියන් මේ බව පැවසුවේ ඊයේ (01දා)රාජගිරිය,
මෙරට පවතින අනාරක්ෂිත බව, දූෂිත බව, ආගමික අන්තවාදීන්ගේ ගොදුරක් බවට ලංකාව පත්ව තිබීම හා ලෝක බලවතුන්ගේ ගොදුරක් බවට ලංකාව පත් තිබීම හේතුවෙන් තිරසාර සංවර්ධනය අරමුණු කරගනිමින් රටට අවශ්‍ය ජාතික ප්‍රතිපත්තියක් විජය ධරණී' නමින් එළිදැක්වීමට සූදානම් බව රතන හිමියෝ සඳහන් කළහ. රටට එක නීතියක්. එක රටක්" යන සංකල්පය මූලික කරගනිමින් එම ප්‍රතිපත්ති ප්‍රකාශය පුජනීයත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවත්, එළෙබෙන 05 වෙනිදා සවස 2.30ට බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී මෙම ප්‍රතිපත්ති මාලාව එළිදැක්වීමට කටයුතු සලසා ඇති බවත් රතන හිමියෝ පවසා සිටියහ.මෙහිදී අදහස් දැක්වූ ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පවසා සිටියේ, මෙරට නිසි ප්‍රතිපත්තියක් හා එක නීතියක් නොතිබූ හෙයින් සියලු ප්‍රශ්න ඇති වූ බවයි. පාලකයා පසුපස ජනතාව ගමන්ගත් යුගය අවසන් කළ යුතු බවත්, පුද්ගලයකු නොව ප්‍රතිපත්තියක් ජයග්‍රහණය කරවීම අවශ්‍යතාව මතුව ඇති බවත් සද්ධාතිස්ස හිමියෝ පැවසූහ.මම අවස්ථාවට නව සංවිධානයේ පාර්ශ්වකරුවන් ලෙස විවිධ සංවිධාන නියෝජනය කරමින් හිමිවරු සහභාගි වී සිටියහ.
-නවෝද්‍යා පවනී-