ජනාධිපතිවරණයෙන් බේරුවල  ජනතාව ගෝඨාභය මහතාව වැඩි අද විසිදහසකින් දින වන විට සමස්ත කළුතර දිස්ත්‍රික්කයම ඡන්ද ලක්‍ෂ දෙකහමාරකින් ඒ ජයග්‍රහණය තහවුරු කරන බව කළුතර දිස්ත්‍රික්
පාර්ලිමේන්තු මන්ත්‍රී සහ පොදුජන ප‍ෙරමුණේ කළුතර දිස්ත්‍රික් නායක රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය, 2015 මැතිවරණයේදී සිය කණ්ඩායම සුළු අඩුපාඩුකම්වලින් පරාද වුවද මෙවර එම අඩුපාඩු හදාගෙන සිය කණ්ඩායම ඉදිරියෙන් සිටින බවද ඒ මහතා පැවසීය.ඒ මහතා එසේ පැවසූයේ පසුගියදා (19දා)
පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජය තහවුරු කෙරෙන ඛේරුවල ප්‍රධාන මැතිවරණ ම‍ෙහයුමි කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව රැස්ව සිටි ජනතාව අමතමිනි.

එහිදී වැඩිදුුරටත් අදහස් දැක්වූ ඒ මහතා"මඩකලපුව, ත්‍රිකුණාමලය, අමිපාර ඇතුළු ප්‍රදේශවලින් අප පක්‍ෂය වෙනුවෙන් හරි තීරණ ගත් බුද්ධිමත් ජනතාව ම‍ෙවර ගෝඨාභය රාජපක්‍ෂ මහතා දිනවීමට කටයුතු කරනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පසුගිය පළාත් පාලාන මැතිවරණයේදී එල‍ෙස අනූහය දහසක් ලබාගෙන මන්ත්‍රීවරුන් වී කටයුතු කරන සැමදෙනාත් අපත් සමග. පක්‍ෂ දෙකේ එකඟතා මත කටයුතු කර ගමි මටිටම් ජයග්‍රහණයට ඇප කැපවි කටයුතු කරනවා.අපේ කණ්ඩායම් ගෝඨාභය මහත්තයට ද එකතු කරන ගමන් 'සජිත් මහත්තයත් එයාගේ වේදිකාවලදී ගෝඨාභය මහතාගේ ජයග්‍රහණයට ඡන්ද එකතු කරමින්  . කතා කරනවා. සජිත් මහත්තයාගේ " කතාවලින් ගෝඨාභය මහත්තයට තව තව ඡන්ද එකතු වෙනවා. එයා කියනවා ඕන තරම් සල්ලි තියනවලු. ඒ වුණාට රණවිරුවන්ගේ ඉල්ලීම් විශ්‍රාම වැටුප් ගෙවන ආණ්ඩුවක් එනකන් ඉන්න ඕනලු. මේ මැතිවරණයේදී රනිල් මහත්තයා ඉදිරිපත් වුණා නම් සජිත්ට වැඩිය ඉදිරීයන් ඡන්ද ගන්න තිබුණා. මොකද රනිල් මහත්තයාගේ ඉන්නේ හොඳම සෙට් එක නිසා.

මහබැංකු කොල්ලයේ ප‍ෙරගමන්කරුවා සජිත් සමගයි ඉන්නේ. අපි ගෙයින් ගෙට ගිහිල්ලා මහන්සිව‍ෙලා ගෝඨාභය මහත්තයා දිනවන කටයුතු කරන්න ඕන. ඒ වගේම නොවැම්බර් 06 වැනිද බේරුවල වෙරළ ක්‍රීඩාංගණයේදී ජන ගංගාව ගලලා පෙන්වන්න, ජාති ආගම් භේදයකින් තොරව එක්වන කියලා සැම දෙනාටම ගෞරවයෙන් ආරාධනා කරනවා." යැයි පැවසීය.
  -අලුත්ගම - තුසිත කුමාර ද සිල්වා-