හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩු සමයේදී, රාජපක්ෂවරුන් විසින් සිදු කළ දේ පිළිබඳ සංවාද කිරීමට තමන් සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා සඳහන් කර
සිටියේය. වාස් ගුණවර්ධන මහතා මේ බව සඳහන් කර සිටියේ අම්බලන්ගොඩ පිහිට් ඔහුගේ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.වැඩිදුරටත් අදහස් දැක්වූ
වාස් ගුණවර්ධන මහතා,

" මට පසුගියදා මෙරට පෞද්ගලික නාළිකාවකින් අභියෝගයක් කළා. මම ඒ අභියෝගය බාරගන්නා බව පසුගියදා අම්බලන්ගොඩදී පැවැත්වූ රැස්වීමේදී සඳහන් කර සිටියා. ඒ නිසා මම කැමතියි ඒම නාළිකාව මගේ අභියෝගය භාර අරගෙන මට විවාදයක් සඳහා අවස්ථාව සලසා දෙනවා නම්. මම බලාපොරොත්තු වෙනවා එම නාළිකාව සඳහන් කළ පරිදිම එම අවස්ථාව මට ලබාදේ කියලා.

මම දැක්කා පසුගියදා ෆීල්ඩ් මාෂල් සරත්  ෆොන්සේකා මහතාත් සදහන් කර තිබුණා. යම් කිස දෙයක් සාර්ථක වුණාම ඒකේ ගෞරවය රාජපක්ෂවරුන් ගන්නවා. ඒක් ගැටලුවක් නැහැ. දේශපාලනය කරනකොට, දේශපාලනය
තිරයේ එහම තමයි වන්නේ. නමුත් අසාර්ථක වුණාම කවුරුහරි බිල්ලට දීලා ඒ පුද්ගලයා නැත්තටම නැති කරනවා. ඕක තමයි මේ ගොල්ලන්ගේ න්‍යාය. ඔය මහ ලොකුවට කතා කරන, එහේ මෙයින් යන හිටපු අධිකරණ ඇමතිවරයා සමග රාජපක්ෂවරු කරපු ගනුදෙනු මම දන්නවා. ඒවා සාක්ෂි සහිතව මං ළඟ තියෙනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු සොලිසිටර් ජනරාල්වරයා ක්‍රියාදාමය ගැනත් මම හොඳට දන්නවා. ඒ හැමෝම විස්තර අපි ගාව තියෙනවා. නැත් නැහැ. ඒ නිසා තමයි මම කලින් කියූ නාළිකාවෙන් මට අවස්ථාවක් දෙන්න කියල කිව්වේ.

රනිල් වික්‍රමසිංහ කියන්නේ තුන්කල් දන්නා දැනුමක් තියන පරිණත නායකයක්. ඔය කියන විදිහට අපිට එතුමාව අවතක්සේරු කරන්න බැහැ. එතකොට සජිත් ප්‍රේමදාස මැතිතුමාගෙයි, රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙයි සුසංයෝගය ගත්තාම ඉදිරිය ඉතාම සුබයි.අපිට ජාත්‍යන්තරය එක්ක වැඩ කරන්න පුළුවන්. රට ඇතුළේ වැඩ කරගන්නත් පුළුවන්, සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉන්නෙ ප්‍රඥා දශකයේ. බුදුරජාණන් වහන්සේත් කියලා තියෙනවා ප්‍රඥා දශකයේ ඉන්නකොට තමයි වැඩියෙන් වැඩ කරන්න පුළුවන් කියලා.

අපට අත්තවාදයක් අවශ්‍යද, අපට ආගම්වාදයක් අවශ්‍යද, අපට ජාතිවාදයක් අවශ්‍යද නැහැනේ. නමුත් යුද්ධය දින්නට පස්සේ  සම්පූර්ණයෙන්ම ජාතිවාදය මත, ආගම්වාදය මත, අත්තවාදය මතභේද බින්න කරලා තමයි අපි දේශපාලනය කළේ. එනකොට අපිටත් එපා වෙලා හිටියේ. මොකද අපිට යථාර්ථය තේරෙනවා. නමුත් රජයක් තුළ ඉන්නකොට සියලුදෙනාම වගකීම බදාගන්නා අතරතුර අපටත් එපාවීමක් එනවා. එහි ප්‍රතිඵල තමයි අපි 2015 දී අපි විඳේ. නමුත් 2015 ඉදල අද වෙනකන් ඒ පාඩම ඉගෙනගෙන නැහැ.ඒත් රාජපක්ෂවරුන්ට ඒක  අවශ්‍යයි." යැයි සඳහන් කර සිටියේය.