ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ හිටපු නායක කුමාර් සක්කාර එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ (එම්.සී.සී.) නව සභාපතිවරයා වශයෙන් ඊයේ (01 වැනිදා) වැඩ බාරගත්තේය. වසර 150 කට වැඩි ඉතිහාසයක් හිමි
මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපති තනතුරට පත්වු ඉංග්‍රීසි ජාතිකයකු නොවන පළමු වැන්නා කුමාර් සංගක්කාරය.
ක්‍රීඩා සමාජයේ හිටපු සභාපතිවරයා වූ ඇන්තනි රේෆෝඩ් මහතා විසින් පසුගිය මැයි මාසයේදී පැවැති මහ සභා රැසකෙදී කුමාර් සංගක්කාර එහි නව සභාපතිවරයා වශයෙන් නම් කරන ලදි. සංගක්කාර වසරක කාලයක් මෙම ක්‍රීඩාං සමාජයේ සභාපති තනතුර හොබවනු ඇත.
"අපි වඩාත් ආදරය කරන ක්‍රීඩාවට වැඩි වැඩියෙන් ආධාරකරුවන් එක්කර ගැනීමේ හොද අවස්ථාවක් අපට ලැබි තිබෙනවා. එනිසා මර්ලිබොන් ක්‍රිකට් සමාජය දේශීය වශයෙන් අන්තර්ජාතික වශයෙන් කරනු ලබන කාර්යයන් පිළිබඳව ඒ ඒ ප්‍රජාවන් දැනුවත් කළ යුතුයි " යැයිද එම නිවේදනයේ සඳහන් වෙයි.
"එම්.සී.සී. ක්‍රිකට් සමාජයේ සභාපති තනතුරෙන් ඉවත්ව යන ඇන්තනි රේෆෝඩ් මහතා පැවසුවේ මෙම තනතුර බාරගැනීම සඳහා සංගක්කාරට වඩා හොඳ වෙනත් කෙනකු නැති බවයි. "විවිධ ජාතීන් එකමත කිරිම සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින බලය කෙරෙහි තදින්ම විශ්වාස කරන ඔහු මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය විසින් කරනු ලබන කාර්යයන් සම්බන්ධයෙන් ප්‍රජාව දැනුවන් කිරිම සඳහා සාර්ථක නානාපතිවරයකු වනු නොඅනුමානයි"
මේ වන විට 41 හැවිරිදි වියේ සිටින සංගක්කාර ටෙස්ට් තරග 134 කදී ලකුණු 12, 400 ක් ලබා සිටින අතර එම්.සී.සී. ක්‍රීඩා සමාජය සමඟ දීර්ඝකාලීන සම්න්ධනා ඇති අයෙකි. සංගක්කාර ශ්‍රී ලංකා කණ්ඩායම මේ ආරම්භක පිතිකරුවා වශයෙන් වසර 2002 දී එම්.සී.සී. පිලට එරෙහිව ක්‍රීඩා කළේය. වසර 2011 දී කොලින් කවුඩරි අනුස්මරණ දේශනය කරමින් ලෝකය පුරා ක්‍රිකට් ලෝලීන්ගේ පමණක් නොව විද්වතුන්ගේත් ගෞරයට පාත්‍ර වූ සංගක්කාරට 2012 දී එම්.සී.සී. ගෞරවනීය යාවජීව සාමාජීකත්වය පිරිනැමිණි.
එම වසරේදීම එම්.සී.සී. ලෝක ක්‍රිකට් කමිටුවට එක්වූ සංගක්කාර තවමත් එහි ක්‍රියාකාරි සාමාජිකයෙකි. පසුව ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එංගලන්තයේදී සහභාගි වූ අවසන් ටෙස්ට් තරඟයේදී (2014) ලොඩ්ස් පිටියේදී ශතකයත් ලබාගත්තේය.