https://www.gossiplankanews.com/2019/10/school-principal-student-clash.html
පාසලේ විදුහල්පතිවරයා විසින් අවවාද කළැයි කියන සිද්ධියකට කිපුණු සිසුවකු සිය පියා හා සහෝදරයා පාසලට කැඳවා විදුහල්පතිවරයාට පහරදීම නිසා ඔහු රෝහල් ගත කළ බව පොලිසිය පවසයි. එම සිද්ධියට විරෝධය පා සියලුම ගුරුවරු පාසල තුළ ඊයේ (24) වර්ජනයක්
ආරම්භ කළහ. ගම්පොළ අධ්‍යාපන කලාපයට අයත් උලපනේ ප්‍රදේශයේ විදුහලක විදුහල්පතිවරයකු මෙම සිද්ධියට මුහුණපා සිටියි.


පොල්ලකින් හා අතින් පයින් පහර දීම නිසා රෝහල් ගත කර ඇති එම විදුහලේ විදුහල්පති ඒ.එච්.එම්. අන්සාර් මහතායි. 11 වසර පන්තියේ අධ්‍යාපනය ලබන සිසුවකුට විදුහල්පතිවරයා අවවාද කර තිබුණි. එයින් කෝපවී ඇති සිසුවා උලපනේ ප්‍රදේශයේම පදිංචි තම පියාට සහ සහෝදරයාට කතා කොට විදුහල්පතිවරයා තමාට පහරදුන් බව පවසා අනතුරුව එම පියා හා සහෝදරයා පාසලට කැඳවීමෙන් පසු විදුහල්පති කාමරයට ගිය ඔවුන් මෙසේ විදුහල්පතිවරයාට පහර දී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි.

සිද්ධියෙන් පසු විදුහල්පති කාමරයේ දේපළවලට ද අලාභහානි කර ඇති මොවුන් තර්ජනය කර පාසලන් පිටව ගොස් තිබේ. 23 වැනි දින පෙරවරුවේ හටගත් මෙම සිද්ධිය සමග පාසල් සිසුන් උද්ඝෝෂණයක නියැළුණු අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට අත්අඩංගුවට ගන්නා ලෙස හා සිද්ධියට විරෝධය පා ගුරුවරුන් මෙසේ වර්ජනයක නිරත වී සිටින බව ඔවුහු පවසති. මෙම සිසුවාගේ ආදර සම්බන්ධයක් පිළිබඳ අට වසර සිසුන් පන්ති භාර ගුරුවරයාට පවසා ඇතැයි ද එම සිසුවා මුලින්ම එම පන්තිභාර ගුරුවරයාට පහරදීමට උත්සාහ ගෙන ඇතැයි ද

රෝහල්ගතව සිටින විදුහල්පතිවරයා පවසයි.

පසුව මම සිසුවාගේ පියා හා සහෝදරයා පොල්ලක් ද රැගෙන පාසලට පැමිණ මේ දිනවල පාසල් පවතින අ.පො.ස. (සා.පෙළ) වාර විභාගයේ පෙනී සිටින සිසුන් ද පලවා හැර පාසලේ මහත් කලබගෑනියක් ඇති කළ බව ද විදුහල්පතිවරයා පවසයි. අනතුරුව ගුරුවරුන්ට ද පහරදීමට උත්සාහ ගත් ඔවුන් පසුව විදුහල්පතිවරයාට මෙසේ පහර දී තිබේ.

මද්‍රසා පාසලකින් පැමිණ ඇති මෙම සිසුවා මීට පෙර ද විවිධ චෝදනාවන්ට ලක්වූ පොලිස් පැමිණිලි ඇති බව පවසන විදුහල්පතිවරයා මවුපියන් මේ ආකාරයට කලබලවීම කනගාටුදායක සිද්ධියක් බව ද පැවසීය. සිද්ධිය පිළිබඳව පරික්ෂණ පැවැත්වූ ගම්පොළ පොලිසිය සිසුවාගේ සහෝදරයා පොලිස් භාරයට ගෙන ඇති අතර සැගව සිටින සැකකරුවන් සොයා පරික්ෂණ අරඹා තිබේ.