මේ බව සඳහන් කළහ. කවුරුන් විසින් හෝ ව්‍යාජ ජනප්‍රියතාවක් ලබාගැනීමේ අරමුණින් සිදු කර ඇති මෙම ක්‍රියාව මඟින් තමන් සහ තම පක්ෂය අපහාසයට ලක් කර ඇති බව උන්වහන්සේ සඳහන් කළහ. මෙම ව්‍යාජ ප්‍රතිපත්ති හේතුවෙන් තම පක්ෂයේ නියම ප්‍රතිපත්ති සමාජගත කිරීම බරපතල ගැටළුවක් වී ඇති බවද පුජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියෝ අවධාරණය කරති.
ඇතැම් අපේක්ෂකයින් විසින් ප්‍රතිවාදී අපේක්ෂකයාගේ ප්‍රතිරූපයට හා ජනප්‍රියතාවට හානි සිදුකිරීම සඳහා ව්‍යාජ තොරතුරු නිර්මාණය කරමින් කටයුතු කිරීම නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා බාධාවක් වන බව ආරියංවශ මහත්මියගේ අදහසයි. මෙම සමාජ මාධ්‍ය මැතිවරණ මෙහෙයුම් සම්බන්ධයෙන් දැඩිව නිරීක්ෂණය කරමින් ඒ පිළිබඳව සුදුසු පියවර ගැනීම සඳහා මැතිවරණ කොමිසම දැනුවත් කිරීමට කැෆේ සංවිධානය අපේක්ෂා කරන බවද ඇය පෙන්වා දුන්නාය.
මැතිවරණය ප්‍රකාශයට පත්කළ දිනයේ පටන් මේ වනවිට කැෆේ සංවිධානයට මැතිවරණ පැමිණිලි 161ක් වාර්තා වී ඇති බවත් ඒ අතරින් බහුතරය රාජ්‍ය දේපළ අවභාවිතය සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් බවත් කැෆේ සංවිධානය සඳහන් කරයි.
මේ සමග පළවන්නේ සීලරතන හිමි උපහාසයට ලක් කළ නිර්මාණ එකතුවේ යොමුවයි