අමරවීර මහතා පවසා සිටියේ, ශ්රී ලංකා නිදහස් පක්ෂයේ සියලු දෙනාම ගෝඨාභය රජපක්ෂ මහතා දිනවීමට සූදානම් බවයි. එසේම පක්ෂයේ පළාත් සභා, ප්රාදේශීය සභා නියෝජිතයෝ මෙන්න ආසන සංවිධාකයෝද ඒ වෙනුවෙන් කටයුතු කරන බවද හෙතෙම පැවසීය. එසේ වුවද ශ්රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් චින ශ්රී ලංකා නිදහස් ප්රජාතන්ත්රවාදී පෙරමුණු ලේකම් නීතිඥ රජිත කොඩිතුවක්කු මහතා පැවසූයේ ශ්රී ලංකා නිදහස් පයින් පාර්ලිමේන්තු මන්ත්රීවරුන් පමණක් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට ඒක් වී ඇති බවත්, ඔවුන් එසේ කරන තනතුරු ලාභ ප්රයෝජන අපේකෂාවන් බවය.රාජපක්ෂවරුන් ජයග්රහණය කරවීමට ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා සුදානම්
කරන බව ශ්රී ලංකා නිදහස් ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ලේකම් නීතිඥ රජිත කොඩිතුවක්කු මහතා 'අද' පුවත්පතට ප්රකාශ කළේය.
ඒ පිළිබඳ වැඩිදුරත් අදහස් දැක්වූ රජිත කොඩිතුවක්කු මහතා,"ශ්රී ලංකා නිදහස් පාක්ෂිකයාට සිදුවුණ හානියෙන් ඔවුන් ආරක්ෂා කිරීම වෙනුවෙන් අපි පෙනී සිටිනවා. තනතුරු වරප්රසාද සඳහා ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ ටික පොදුජන පෙරමුණ සමග එකතු වුවත් නිදහස් පක්ෂියේ ප්රතිපත්ති
කැමති අයට යන්න කියලා ජනාධිපතිතුමා නතර වුණා.ජනාධිපතිතුමාව අසරණ කරපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 12 ඔවුන්ගේ අනාගතය ගැන හිතලා ගත්තු තීන්දුවට වඩා ආසන සංවිධායකවරු 183 දෙනා ජනාධිපතිතුමාට කරන ලද ඉල්ලීමට ජනාධීපතිතුමා ප්රතිචාර දැන්වුවා කියලා තමයි අපි හිතන්නේ. පොදුජන පෙරමුණ පරාජයට පත්කළ යුතුයි කියන අපේ අදහස තමයි ජනාධිපතිතුමාත් ඉන්නේ. එය ප්රකාශ කරන ජනාධිපතිතුමාට සීමා සහිත අවස්ථාවක් තිබෙන්නේ. අපි අපේ ස්ථාවරය ප්රකාශ කරනවා" යැයිද පවසා සිටියේය.