පහසුවෙන් ව්‍යාපාර කළ හැකි රටවල් පිළිබඳ ලෝක බැංකුව ගණනය කරන දශකයේදී ශ්‍රී ලංකාව ඉදිරියට පැමිණ තිබේ.



ඒ රටවල් 190ක් අතරින් 99 වැනි ස්ථානයට පත් වෙමිනි. 2016 වසරේදී ශ්‍රී ලංකාව 100 වැනි ස්ථානයේ පසුවිය. 2020 වසරට අදාළ වන පරිදි මෙම වාර්තාව නිකුත් කර තිබේ.

දකුණු ආසියාවේ රටවල් අතර මෙම දර්ශකයේ ඉන්දියාව ඉදිරියෙන් පසුවෙන්නේ 68 වැනි ස්ථානයට පත්වෙමිනි.
නේපාලය 94 වැනි ස්ථානයේත්, භූතානය 89 වැනි ස්ථානයේත් පසුවයි. ඒ අනුව දකුණු ආසියාව තුළ ශ්‍රී ලංකාව සිවුවැනි ස්ථානයට පත්ව තිබේ. ලෝක බැංකුව විසින් මෙම දර්ශකය ගණනය කරනු ලබන අතර, ඒ සඳහා වහපාරයක් ආරම්භ කිරීම, විදුලිය ලබාගැනීම, වහපාර ලියාපදිංචිය, ණය ගැනීම, බදු ගෙවීම ඇතුළු කරුණු 10 පදනම් කර ගනිමින් මෙම ගණනය සිදු කරයි. මෙම දර්ශකය අනුව 2010 වර්ෂ යේදී 98, 2012 වර්ෂයේදී 83, 2014 වර්ෂයේදී 113, 2016 වර්ෂයේදී 110 සහ 2018 වර්ෂයේදී 100 වශයෙන් ශ්‍රී ලංකාවේ ස්ථානගත වීම දැක්විණි.

මේ අතර මෙම දර්ශකයේ අංක එක ස්ථානය නවසීලන්තයට හිමිව තිබේ. අවසාන ස්ථානයට සෝමාලියාව පත්ව තිබේ. නවසීලන්තය, සිංගප්පුරු, හොංකොං, ඩෙන්මාර්ක්, කොරියානු ජනරජය (දකුණු කොරියාව) යන රටවල් මෙහි මුල් ස්ථාන පහ හිමි කරගෙන තිබේ.

එහි අවසාන ස්ථාන පහ හිමිව ඇත්තේ ලිබියාව, යේමනය, වෙනිසියුලාව, එරිත්‍රියාව සහ සෝමාලියාව යන්නෙ රටවලටය. දකුණු ආසියා රටවල් පිළිවෙළින් ඉන්දියාව (68), භූතානය (89), නේපාලය (94), ශ්‍රී ලංකාව (99), පාකිස්තානය (108), මාලදිවයින (147), බංග්ලාදේශය (168) සහ ඇෆ්ගනිස්ථානය (173) ශ්‍රේණිගත වී තිබේ.