අදාළ තීන්දුව ගෙන ඇත්තේ ක්‍රීඩා අමාත්‍යාංශය පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ පරීක්ෂණ වාර්තාවෙන් තිලංග සුමතිපාල මහතාට ක්‍රිකට් පරීපාලනයට කිසිදු අයුරකින් සමිබන්ධ විය නොහැකි බව නිර්දේශ කිරීම සහ එම වාර්තාවේ අනෙකුත් නිර්දේශ පිළිබඳ අවධානය යොමු කරමිනි. ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අදාළ නියෝගය නිකුත් කරනු ලැබුවේ ඊයේ (14දා) දිනයේදීය.
ත්‍රිපුද්ගල කමිටුවේ අවසන් වාර්තාව සහ නිර්දේශ පසුගියදා (11දා) ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානයට යොමු කර තිබුණු අතර, ඒ අනුව 1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ 39(1) වගන්තියෙන් අමාත්‍යවරයාට
ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයාට ලේකමිවරයාට සහ විධායක කමිටුවට මෙම විශේෂ නියෝහය සිදු කර තිබුණි. ඊට අදාළ නියෝගයේ වැඩිදුරටත් සඳහන් වනුයේ මෙම චසරේ සැප්තැම්බර් මස 09 වැනිදා පත් කළ ත්‍රිපුද්ගල කමිටුවේ නිර්දේශ මත හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාට මින් ඉදිරියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයකු ලෙස, හිටපු ක්‍රිකට් සභාපති ලෙස හෝ ක්‍රිකට් ආයතනයේ පරිපාලකයෙකු ලෙස එහි වැඩ කටයුතු හෝ රැස්වීම්වලට සහභාගි වීම, අසුන් ගැනීම, ඡන්දය භාවීත කිරීම්, කුමන හෝ කමිටුවක කුමන හෝ රැස්වීමකට, ක්‍රියා පටිපාටියකට දායක වීම සහ කුමන හෝ ආකාරයකින් හෝ බලය ක්‍රියාත්මක කිර්ම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බවයි.
මෙම විශේෂ නියෝගයේ පිටපත් ක්‍රීඩා අමාතංශ ලේකම්, ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල්, හිටපු ක්‍රිකට් සභාපතිවරයාට සහ තිලංග සුමතිපාල මහතාට එරෙහිව ක්‍රීඩා අමාත්‍යවරයාට පැමිණිල්ලක් යොමු කළ පිළියන්දල නගර ක්‍රීඩා සමාජයටද ඊයේ දිනයේදී යොමු කිරීමට පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා ක්‍රිකට් ආයතනයේ කටයුතුවලට සහභාගි වීම වළක්වාලමින් තාවකාලික තහනමක් පැනවීමට ක්‍රීඩා අමාත්‍යවරයා මීට පෙර පියවර ගත්තේ පසුගිය සැප්තැම්බර් මස 09 වැනිදාය. ඒ, පිළියන්දල නගර ක්‍රීඩා සමාජය (Piliyandala Town Sports Club) අගෝස්තු මස 30 වැනිදා යොමු කළ පැමිණිල්ලකට අනුවය.
හිටපු ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාට ක්‍රිකට් ආයතනයේ කිසිදු තනතුරක් දැරිය නොහැකි බවට පිළියන්දල ක්‍රීඩා සමාජය ක්‍රීඩා අමාත්‍යවරයාට පැමිණිලි කර තිබුණේ ක්‍රීඩා අමාත්‍යවරයා පසුගිය අගෝස්තු මස 23 වැනිදා නිකුත්
අනතුරුව එම පැමිණිල්ල විමර්ශනය කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා ත්‍රිපුද්ගල කමිටුවක් පත් කළ අතර, ත්‍රිපුද්ගල විමරේශන මඩුල්ලේ සභාපතිවරයා ලෙස ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ධමිමික මුතුගල මහතාද, එහි ලේකම් ලෙස ක්‍රීඩා අමාත්‍යාංශ නීති නිලධාරිනී ශිරෝමි රණවක මහත්මියද, සාමාජිකයෙකු ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරී නීතිඥ එස්.ඩී. පියදාස මහතාද පත් කෙරිණි.
ක්‍රීඩා අමාත්‍යවරයා පසුගිය අගෝස්තු මස 23 වැනිදා නිකුත් කළ 2137/85 අතිවිශේෂ ගැසට් පත්‍රයේ දැක්වෙන්නේ, 2016.10.27 දිනැති අංක 1990/23 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයේ ක්‍රීඩා නියෝගවලට අදාළ 5(4) නියෝගයේ (ග) උපවගන්තිය ඉවත් කර ඊට පහත දැවන උපවගප්තිය ආදේශ කිරීමෙන්,
“ ඔට්ටු ඇල්ලීමේ, සුදු ක්‍රීඩාවේ, පරදු තැබීමේ ව්‍යාපාරයක හෝ කිසියම් තරගයකට සම්බන්ධතාවක් ඇති ඔහු ඔට්ටු ඇල්ලීමේ හෝ සුදු ක්‍රීඩාවේ හෝ පරදු තැබීම් ව්‍යාපාරයක හෝ එවැනි තරග සඛන්ධයෙන් කටයුතු කරන ආයතනයක හෝ ආයතනයන්හි එදිනදා කටයුතුවල නියැළී සිටින තැනැත්තෙකු හෝ ඔහුගේ පවුලේ ඕනෑම පූර්වාසන්න සාමාජිකයෙකු (කලත්‍රයා, මව, පියා, සහෝදරයෙක්, සහෝදරයෙක්, පුතා, දුව, බෑණා , ලේලිලිය) වන්නේ නම්,' එම පුද්ගලයාට ජාතික ක්‍රීඩා සංගමයක තනතුරක් දැරිය නොහැකිය” යනුවෙනි.
මෙම සංශෝධිත නව රෙගුලාසි (ගැසට් අංක 2137/85) යටතේ සහ ක්‍රීඩා අමාත්‍යවරයාගේ මෙම විශේෂ නියෝගයද සමග හිටපු ක්‍රිකටි සභාපතිවරයාට මින් ඉදිරියට කුමනාකාරයෙන් හෝ ක්‍රිකට් ආයතනයේ පරිපාලන කටයුතු තහනම් කර තිබේ.
මේ පිළිබඳ විමසීමට අප තිලංග සුමතිපාල මහතා දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට උත්සාහ කළද ඔහු සම්බන්ධ කරගැනීමට නොහැකි විය.
පැතුම් ශ්‍රී විජේරත්න