ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පෙරේදා (30දා) පැවති දෙවැනි එක්දින තරගය පිළිබද මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, තෙවැනි තරගයට පිවිසෙන විට ශ්‍රි ලංකා කණ්ඩායම සකසාගත යුතු අඩුපාඩුවලින් අඩක්ම තව ඉතිරව ඇති බවයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තිරිමාන්න,
"ආරම්භයේදීම කඩුලු පහක් බිඳ වැටීම තරගයේ තීරණය වෙනස් කිරීමට ප්‍රධාන වශයෙන් බලපෑවා. පළමු පන්දු වාර දහය තුළදී ලකුණු 28 කට 05ක් බිඳ වැටෙනවා කියන්නේ, සෑහෙන තරගයක් දෙන්න ඕන නැවත හොද ලකුණු සංඛ්‍යාවක් කරා යන්න, නමුත් දසුන් සහ ශෙහාන් ඒක අපට කරලා දුන්නා.
අපි වෙලාවක ජයග්‍රහණය කරන තත්ත්වයකත් හිටියා. ඔවුන් හොඳින් ලකුණු රැස් කළා. අවාසනාවට ශිහාන්ට ශතකය. මඟහැරුණ. කෙසේ නමුත් ඔවුන් දෙදෙනාට වැඩි ගෞරවයක් හිමිහිවන්න ඕන." යැයි පැවසීය.
ශෙහාන් ජයසූරීය පාදයේ ආබාධ තත්වයකින් ක්‍රීඩා කළ ආකාරයක් දැකගත හැකි වූ අතර, ඒ සම්බන්ධයෙන් කළ විමසීමේදී තිර්මාන පවසා සිටියේ ඔහුගේ (ෂෙහාන්) ආබාධ තත්ත්වය එතරම් අවදානමක් නොමැති බවයි.
"ශෙහාන්ට තිබුණේ ක්‍රෑම්ප් (කෙණ්ඩ පෙරළීම) එකක්. මම හිතන්නේ ඒක එතරම් අමාරුදෙයක් නෙමෙයි ".
ලකුණු 306 ක් වැනි අසීරු ඉලක්කයක් හඹා යාමේදී පිතිකරුවන් වගකීමකින් ක්‍රීඩා කළ යුතුව තිබූ බවද ශ්‍රී ලංකා නායකයා මෙහිදී හෙළි කළේය.
"අපි ලකුණු 300කට වැඩි ඉලක්කයක් ගහනකොට උඩින් ඉන්න පිතිකරුවන් හතර පස්දෙනාගන් එඒකෙනෙක් ලොකු ලකුණු සංඛ්‍යාවක් ගහන්න ඕන. නමුත් ඒක ආවේ නැහැ, ඒනිසා අඩුපාඩු හදාගත යුතු ගොඩක් තැන් තියෙනවා. ඒ වගේම පළමු පන්දුවාර 10දී පාකිස්තානු පන්දු යවන්නන් අපට දුවල පන්දු දුන්නත් නැහැ. ඔවුන් ඉතාමත් හොදින් තැන්වල පන්දු යැව්වා. කෙසේ නමුත් අපි දැන් බලන්නේ ඊළඟ තරගයට කොහොමද මුහුණ දෙන්නෙ කියලා.
තරගයේ පළමු කඩුලු පහ බිඳවැටුණු විදිය හරිම කනගාටුදායකයි. කෙසේ නමුත් නායකයෙක් විදියට කණ්ඩායමේ දක්‍ෂතා ගැන සෑහීමට පත්වෙනවා. අපටත් තරගයක්
එක්දින තරගාවලියේ අවසන් තරගය ලෙස අප (02දා) පැවැත්වෙන තරගයට කණ්ඩයමේ සුදානම ගැන තිරිමාන්න පවසා සිටියේ මෙවන් අදහසක්.
"ඊළග තරගයේදී අංශ තුනෙම අපි අඩුපාඩු හදාගත යුතුයි. පන්දු යවන්නොත් අවශය නැති තැන්වලදී ලකුණු ලබාදුන්නා. බැට් කරද්දිත්, ඒ වගේම පන්දු රකිද්දීත් ඒ වගේමයි. ඒ නිසා අපි හරියටම ක්‍රීඩා කරලා තියන්නේ අපේ දක්ෂතාවලින් අඩක් විතරයි. අපි තව අඩුපාඩු භාගයක්ම හදාගන්න තිබෙනවා" යැයි ශ්‍රී ලංකා නායකයා පැවසීය.
විශ්ව මුදියන්සේ
Email ThisBlogThis!Share to TwitterShare to Facebook