මෙම ඇතින්න ආහාර අවශෝෂණය නොවීමේ රෝග තත්වයෙන් සිටි බව වෛද්‍යවරුන් දන්වා තිබූ අතර මහනුවර පෙරහැරේ එක්දිනක් වීදි සංචාරයෙන් පසු මහජන විරෝධය හමුවේ පෙරහැරෙන් ඉවත් කෙරිණි. කෙසේ වෙතත් ඇතින්න භාරයක් ඔප්පු කිරීමට එසේ එක්දිනක් පමණක් ගමන් කළ බව පසුව බලධාරීන් දන්වා තිබුණි.
මේ වනවිට මියගිය ඇතින්න ගැන අදහස් දක්වන ඇතින්නගේ අයිතිකරු වූ හිරිවඩුන්න රංදෙණිය පදිංචි එල්. එල්. තිලකරත්න මහතා
ඇතින්න පෙරහැරට සහභාගි නොකර සිටීම නිසා ඇතිවූ සිත්තැවුලෙන් ඇය මෙම ඉරණමට
ඔහු නොකියා චෝදනා කරන්නේ සත්ව හිංසනය පිළිබඳ විරෝධය දැක්වූ අයම මෙම මරණයට වගකිවයුතු බවකි.
තවදුරටත් ටිකිරි ගැන අදහස් දැක්වූ තිලකරත්න මහතා මෙසේ කියා සිටියේය.
'මේ මියගොස් ඇති ටිකිරි ඇතින්නගෙන් කිසිදිනක බර වැඩ ගත්තේ නැහැ. පෙරහැරවලට පමණයි සහභාගි කරවා ගත්තේ. මේ අවුරුද්දේ මාලිගාවේ පෙරහැරට ගිහින් රන්දෝලි පෙරහැරට දින කිහිපයක් සහභාගි වුණා. ඇතින්න ආඩම්බර ලීලාවෙන් පෙරහැරේ ගියා. ඇත් පංතිය තනි කරලා දවසක් පමණ නොගිහින් සිටියා. ඒ සිත් වේදනාවට ඇතින්නට මේ වාගේ දෙයක් වුණේ.
ඇතින්න නැගිටින්න බැරිව සිටිනවා කිව්වට අපි ගියාට පස්සේ නැගිට්ටා. නැගිටලා ගෙදරත් ආවා. ගෙදර ආවට පස්සේ මාධ්‍යයෙන් පවා පෙන්නුවා ඇය සුවසේ සිටිනවා කියා. ඇතින්න අපි කවදාවත් බැඳලා තිබ්බේ නැහැ. ගෙදර වත්තේ හිටියේ. ඇය බැන්ඳත් දම්වැල් වලින් බැන්ඳේ නැහැ. කඹ දමලා බැඳලා තිබුණේ. එයාගේ මානසික ඇදවැටීම නිසා ලොකු ‘ෂොක්’ එකක් වෙලා නැති වුණේ. ඇතින්නට වයස අවුරුදු 78 ක් වෙනවා. සාමාන්‍යයෙන් එය උපරිම වයස වෙන්නත් පුළුවන්.
දම්වැල් වලින් බැඳලා නැත්තේ එතරම්ම ඇය හීලෑ නිසයි. මියයන තෙක් කිසිම තුවාලයක් වෙන්න ඉඩ දුන්නේ නැහැ. පෙරහැරට සහභාගි නොකළ වරද තමයි ඇතින්නගේ සිත්තැවුලට හේතුව. ඒ නිසා ටිකිරිගේ මරණය සිදුවුණා.'
(කෑගල්ල - එම්. බී. පහළවත්ත)