එළඹෙන ජනාධිපතිවරණයේදී ගන්නා තීරණය පිළිබඳ අවසන් එකඟතාවකට පැමිණීමේ අරමුණින් දෙමළ ජාතික සන්ධානයේ විශේෂ සාකච්ඡාවක් අද (23) පැවැත්වෙනවා.

දෙමළ ජාතික සන්ධානයේ
නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර්. සම්බන්ධන්ගේ ප‍්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් පැවසුවේ මෙම සාකච්ඡාවේදී අවසන් තීරණයකට එළඹීමට හැකිවනු ඇති බවයි.

උතුරේ දේශපාලන පක්ෂ 05 ක් එක්ව කරුණු 13 කින් යුත් ලිපියක් ඉකුත් දා ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කළා. එහෙත්, මේ දක්වා කිසිඳු ප‍්‍රධාන අපේක්ෂකයෙකුගෙන් ඊට යහපත් ප‍්‍රතිචාර ලැබී නොමැති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර චාල්ස් නිර්මලනාදන් වැඩිදුරටත් පැවසුවා.

ප‍්‍රධාන අපේක්ෂකයින් මුණගැසී සාකච්ඡා කිරීමට ද මේ දක්වා නොහැකි වූ බව ඔහු ප‍්‍රකාශ කළ අතර මෙම සියලු කරුණු කෙරෙහි අවධානය යොමුකර අද පැවැත්වෙන සාකච්ඡාවේදී අවසන් තීරණයක් ගන්නා බවයි මන්තී‍්‍රවරයා පැවසුවේ.