එළඹෙන ජනාධිපතිවරණයේ දී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.වියාලේන්ද්‍රන් මහතාගේ සහය පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා හට ලබා දෙන බව ප්‍රකාශ
කර තිබේ.

අද (14) මඩකළපුව ප්‍රදේශයේ ප්‍රගතිශීලි දෙමළ සන්ධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා මහතා මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.වියාලේන්ද්‍රන් මහතා ප්‍රගතිශීලි දෙමළ සන්ධාන නායකයාද වන අතර ද්‍රවිඩ ජාතික සංගමයේ ආසනයකින් පාර්ලිමේන්තුව නියෝජනය කරයි.
පසුගිය 2018 ඔක්තෝබර්
මස නීතියට පටහැණි ලෙස මහින්ද රාජපක්ෂ අගමැති ධූරයට පත්වූ අවස්ථාවේ මහින්දගේ සහායට ටීඑන්ඒ නොසිටි අවස්ථාවේ එම පක්ෂයේ නීති වලට පිටින් ගොස් මහින්දට සහාය දැක්වීම නිසා වියාලේන්ද්‍රන් මන්ත්‍රීවරයාව දෝෂ දර්ශනයට ලක්විය.
ද්‍රවිඩ ජාතික සංධානය මෙවර ජනපතිවරණයේදී සහය දෙන්නේ සජිත්ටද ගොඨාටද යන්න තවම ප්‍රසිද්ධ කර නැත.