මෝටර් රථ වැරදි සඳහා පොලීසිය විසින් නිකුත් කරනු ලබන මෝටර් රථ 'වීදි දඩ කොළය' හෙවත් රියදුරු බලපත්‍රය වෙනුවට නිකුත් කරනු ලබන අවසර පත්‍රය ප්‍රථම වරට භාෂා ත්‍රිත්වයෙන්ම නිකුත් කිරීමට අදාළ
ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා පැවසීය.
උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතාගේ මූලිකත්වයන් මේ සඳහා අදාළ අංශ සමග සාකච්ඡා සිදු කෙරුණු අතර,මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා සදහන් කළේ,
විෂේශයෙන් උතුරේ පොලිස් නිලධාරීන්ට දඩ කොළය සිංහලෙන් ලියූ විට දඩකොළය ලබා ගන්නා පුද්ගලයන්ට එය කියවා ගැනීම්දී දැඩි අසීරුතාවන්ට මුහුණ දීමට සිදුවූ බවත්, අධිකරණ කටයුතුවලදීද ඔවුන්ට එහිදී අපහසුතාවලට මුහුණ පෑමට සිදුවු ඇති බවත් ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.
දීර්ඝකාලීන සාකච්ඡාවලින් අනතුරුව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ අත්සනින් යුතුව භාෂා ත්‍රිත්වයෙන් යුත් මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවත් භාෂාව නොදන්නා අයෙකුට වුවද තම වරද හඳුනා ගත හැකි ආකාරයට මාර්ගයේ සිදු කරන වැරදි අංක ගත කර සිදුකළ වරද අංකයක් ආකාරයට දැක්වීම මෙහි විශේෂත්වයක් වන අතරම අදාළ අංකය බලා තම භාෂාවෙන් ඊට අදාළ වරද හදුනා ගත හැකි වන බවත්, මෙය ප්රජාතන්ත්ර අවකාශය සදහා ලබා ගත් විශාල ජයග්‍රහණයක් බවද උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
වවුනියාව - මධුෂංඛ අමරසිංහ