https://www.gossiplankanews.com/2019/10/train-passenger-video.html
වැටුප් ප‍්‍රශ්නයක් මුල් කරමින් ක්‍රියාත්මක කර ඇති බව කියන දුම්රිය වැඩවර්ජනය අද 8 වන දිනටත් ක්‍රියාත්මක වෙද්දී මහජනතාව විඳින අසීරුතාවයන්
ගැන කණගාටුදායි දර්ශන දැකගන්නට ලැබේ.

මේ වනවිට දුම්රිය ධාවනය සම්පූර්ණයෙන්ම පාහේ ඇණහිටි තිබෙන අතරවාරයේ කාර්යාල දුම්රිය කිහිපයක් පමණක් ධාවනය වන අතර ඒවායෙහි අධික මගී තදබදයක් දක්නට ලැබේ. ඇතැම් මගීන් යන්නේ දුම්රියේ හසුවන හසුවන තැන්වල එල්ලී අන්තරායකාරී ගමනකය.
මේ අතර වර්ජනයේ නිරත දුම්රිය රියැදුරු, නියාමක, පාලක, ස්ථානාධිපති සහ අධීක්‍ෂණ කළමනාකාර ඇතුළු ශ්‍රේණිවල සේවකයන් සේවය හැර ගියා සේ සලකා ලිපියක් යොමු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා දන්වා ඇති බවද වාර්තා විය.
මේ සමග පළවන්නේ එම අන්තරයාකාරී ගමනේ වීඩියෝවකි.