ආරක්ෂක අංශ විසින් අවධාරණය කර තිබෙන බවද ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ සඳහන් කර තිබේ. එහි වැඩිදුරටත් මෙසේද සඳහන්ය.
පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව රාජ්‍ය ආයතන සහ ජාතික වැදගත්කමක්
දැනට රට තුළ කිසිදු ආකාරයක හදිසි සහ අත්‍යාසන්න ත්‍රස්ත අවදානමක් මතුව නොමැති බව ආරක්ෂක අංශ විසින් අවධාරණය කරන අතර මෙම අසත්‍ය සහ විකෘති කරන ලද කරුණු දැක්වීම සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා ලෙස දැනුම් දෙමි. රාජ්‍ය ආයතන, ජාතික වැදගත්කමක් ඇති ආයතන සහ පොදු ජනතාවගේ ආරක්ෂාව උපරිමයෙන් සහතික කිරීමට ආරක්ෂක අංශ සියලු පියවර ගෙන තිබේ. එබැවින් හදිසි සහ අත්‍යාසන්න ත්‍රස්ත අවදානමක් උද්ගත වී ඇති බවට ගෙන යන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස වැඩිදුරටත් දන්වා සිටිමි.