ඇඳුමෙන්, ‘හෙයාකට් එකෙන්’ අපේ බොහෝ දරුවන් ලන්ඩන්, පැරිස්, නිව්යෝර්ක්වල
ජීවත් වන්නන් වගේ. ඔවුන්ගේ හීන පැළවෙන්නේ බොහෝවිට ලන්ඩන්, මෙල්බර්න්, සිඞ්නි, නිව්යෝර්ක් වැනි නගරවලයි. අපේ මේ දරුවන්ගේ හීන පැළ වන පොළොවක් බවට මේ පොළොව පත් කරන්න ඕනේ.
රෝහණ විජේවීර සහෝදරයාගේ පුතු උවිඳු විජේවීර පිළිබඳව මෙහිදී මගේ මතකයට එනවා. ඔහු දැන් රුසියාවේ විශ්වවිද්‍යාලයක පශ්චාත් උපාධි ශිෂ්‍යයකු ලෙසත් ශිෂ්‍ය නායකයකු ලෙසත් කටයුතු කරන බව ඔබ දන්නවා. පසුගිය දිනවල රුසියානු පර්යේෂකයන් පිරිසක් එහි විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් පිරිසක් තෝරාගෙන ඔවුන්ට අධ්‍යයන වාර්තාවන් සැකසීමට බාර දී තිබුණා. වෛද්‍ය ශිෂ්‍යයන්
එම අධ්‍යයනය වී තිබුණේ ‘ඒඞ්ස් රෝගයට විසඳුම කුමක්ද?’ යන්නයි. වෛද්‍ය ශිෂ්‍යයන් ඇතුළු බොහෝ පිරිසක් සිය අධ්‍යයන වාර්තාවන්හි අවධානය යොමු කර තිබුණේ ඖෂධ ආදී පිළියම් කෙරෙහියි, එනම් ප්‍රතිකාර විධි ක්‍රම පිළිබඳවයි. නමුත් උවිඳු විජේවීර සිය අවධානය යොමු කර තිබුණේ ‘රෝග නිවාරණය පිළිබඳවයි’. එනම් ඒඞ්ස් රෝගය වැළඳීමෙන් විශේෂයෙන් තරුණ පරපුර මුදවා ගැනීම පිළිබඳවයි. ඔහු එහිදී පෙන්වා දී තිබුණා, ‘ශ්‍රී ලංකාව තුළ ඒඞ්ස් රෝගය ව්‍යාප්ත වීම පහළ අගයක පැවතීමට ඒඞ්ස් මර්දන ව්‍යාපෘතියත් දායක වෙන්න ඇති. නමුත් ඊට බලපා ඇති සුවිශේෂී හේතුව තමයි ශ්‍රී ලංකාවේ ථේරවාදී බුදුදහම ඇසුරෙන් ගොඩනැගුණු සංස්කෘතිය ඇතුළේ දෙමව්පිය – දූ දරු සබඳතාව ඉතා ශක්තිමත්ව පැවතීම’ කියා. තරුණ දරුවන් ඒ නිසා අනාරක්ෂිත ලිංගික ඇසුරකට යොමු වීම හෝ අපචාරයකට, අපහරණයට ලක්වීම අවම වන ආකාරයත් ඔහු මෙහිදී පෙන්වා දී තිබුණා. උවිඳුගේ අධ්‍යයන වර්තාවට පළමුතැන හිමි වී තිබුණා. මේ පිළිබඳව තවත් ශිෂ්‍ය පිරිසක් සමඟ වැඩිදුර අධ්‍යයනය කිරීමේ අවස්ථාව ද උවිඳු විජේවීරට හිමි වුණා. දෙමව්පිය – දූ දරු සබඳතාව ශක්තිමත්ව පැවතීම කියන්නේ අපේ සංස්කෘතික හර පද්ධතීන් තුළ ගොඩනැඟුණු දෙයක්. උවිඳු විජේවීර නිවැරදිව එම හර පද්ධතීන් වටහාගෙන තිබුණා. ඔහුට අපි ඉහත කී ‘අත්තිවාරම’ නිසි ලෙස වැටී තිබුණා. මෙතැන තිබෙන්නේ බලවත් කතාවක්. නවීන විද්‍යාවට සියල්ලටම උත්තර නැහැ. නවීන විද්‍යාවට දෙන්න බැරි උත්තර තමයි අද උවිඳු විජේවීර දරුවා තම අධ්‍යයන වාර්තාවෙන් ලබා දුන්නේ.