2019 මාර්තු 06දා සිට ක්‍රියාත්මක වන ලෙස සුඛෝපභෝගී වාහන සදහා පැනවු බදු (LT) කුඩා කාර් රථ, වෑන් රථ, තනි සහ ද්විත්ව කැබ් රථ, මෝටර් සයිකල් සහ මෝටර් ට්‍රයිසිකල් සඳහා බලනොපාන බව මුදල්
අමාත්‍යාංශය පවසයි.

නව බදු සංශෝධනය  සමග කුඩා මෝටර් රථවල මිල තවදුරටත් ඉහළ යනු ඇති බවට පැවති ආන්දෝලනය සමග නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාතරංශය ඊයේ (29දා) මෙම කරුණු අනාවරණය කර තිබුණි.

ඒ අනුව, කුඩා මෝටර් රථ යටතේ ටොයොටා විටිස්, සුසුකි. එවිරි, ටොයොටා රූමි, සුසුකි. ඇල්ටෝ,සුසුකි බෙලිනෝ, ඩයිහට්සු පෙට්‍රල්, හොන්ඩා ග්‍රේස්, සුසුකි වැගන් ආර් ,ටොයෝටා ඇක්වා යන මාදිලිවල වාහන මෙම සුඛෝපභෝගී බද්දට අදාළ නොවන බව සඳහන් වෙයි. එසේම ඇක්සියෝ, ප්‍රීමියෝ සහ ඇලියොන් යන මාදිලිවල සාමාන්‍ය වාහනද
මෙම සුඛෝපභෝගී බද්දට යටත් නොවන බවද එම නිවේදනයේ සඳහන් වෙයි.

ඒ අනුව, බද්දට යටත් වන් සුඛෝපභෝගී මෝටර් කාර් සහ ජීප් රථ පමණක් බව අමාතශය පෙන්වා දෙයි. මීට පෙර මෙම බද්දට යටත්ව ද්විත්ව කැබ් රථද නොවැම්බර් 01 දින සිට ඉන් ඉවත් කිරීටද පියවර ගෙන ඇත. එසේ 2019 මාර්තු 06දාට පසු ණයවර ලිපි විවෘත කර ආනයනය කරනු ලබන සියලු සුඛෝපභෝගී වාහනවලටද මෙම බදු අදාළ වෙයි. මීට අමතරව, නව රෙගුලාසි අනුව රු.ලක්ෂ 35ට වඩා වැඩි වටිනාකම සහිත ඩීසල් සහ පෙට්‍රල් කාර් සහ ජීප් රථ ආනයනයේදි සීමාව ඉක්මවන මුදලට පමණක් මෙම සුඛෝපභෝගී බදු අය කරගනු ඇතැයි ද අමාත්‍යාංශය පවසයි.
"දෙමුහුන් වාහනවල වටිනාකම (CIF Value) රුපියල් ලක්ෂ 40 ඉක්ම වූ විට වැඩිවන ඒම මුදලටද, විදුලියෙන් ක්‍රියාත්මක වන වාහනයක වටිනාකම ලක්ෂ 60 ඉක්ම වු විට වැඩි වන මුදලටද යන්නාදී ලෙස මෙම සුඛෝපභෝගී බදු අය කර ගනු ලැබිණි." යනුවෙන් එම නිවේදනයේ සඳහන්ව ඇත.

මේ අතර, මෝටර් රථ සඳහා වු තාක්ෂණය දියුණුවීමත් සමග වාහනවල සුබෝපභෝගීතාව තීරණය කිරීම එන්ජින් ධාරිතාව මත නොව වාහනයේ ඇතුළත් විශේෂාංග
අනුව තීරණය කරන බවද අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව, සිලින්ඩර් ධාරිතාව 1,800ට අඩු පෙට්‍රල් මෝටර් රථ, සිලින්ඩර් ධාරිතාව 2,300ට අඩු ඩීසල් කාර් සහ ජීප්රථ මෙම කිලෝවොට් 200ට අඩු ඉලෙක්ට්‍රක් රථ සඳහා සිලින්ඩර් ධාරිතාව මත අයකරන බද්ද නොවැම්බර් 01 සිට ඉවත් කිරීමට නියමිතව ඇත. එහෙත් ඔක්තෝබර් 31 තෙක් ණයවර ලිපි නිකුත් කර 2020 අප්‍රේල් 21 වැනි දිනට පෙරාතුව ආනයනය කර නිෂ්කාශනය කරන වාහන සුඛෝපභෝගී බද්දෙන් නිදහස් වන බවත් මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

භානුක අමරසිංහ