එළැඹ‍ෙන ජනාධිපතිවරණය සමිබන්ධයෙන් දෙමළ ජනතා පෙරමුණ නොහොත් ටී.එම්.කේ. පක්ෂය සමග තනිව සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් තම පක්ෂයට
සිදුකළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව දෙමළ ජනතා පෙරමුණේ නායක උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා පවසයි.

උතුරේ දෙමළ දේශපාලන පක්ෂ විසින් උතුරු නැගෙනහිර දේශපාලන ගැටලුව වෙනුවෙන් විසඳුම් ඉල්ලා යෝජනාවලියක් ජනාධිපති අපේක්ෂෙකයන් වෙත ලබාදීමට පියවර  ගෙන ඇති අවස්ථාවක අදාළ සියලු පක්ෂ එක්ව සාකච්ඡාවක් සිදුකරන්නේ නම් පමණක් තම පක්ෂද එක්වන බවට එක්සත් ජාතික පක්ෂ නායකයාට දැනුම් දුන් බවද සී.වී. විග්නේශ්වරන් මහතා පවසා සිටියේය.

කණ්ඩායමක් වශයෙන් දෙමළ
දේශපාලන පක්ෂ පහක් ඒකාබද්ධව එළැඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ට කරුණු 13ක්. ඇතුළත් යෝජනාවලියක් සකස් කර ඇති අතර, ජනාධිපතිවරණයේදී සහාය දීම සමිබන්ධයෙන් එම කණ්ඩායම සමග පමණක් සාකච්ඡා කිරීමට තම පක්ෂය බලාපොරොත්තු වන බවද  විග්නේෂ්වරන් මහතා සඳහන් කළේය. විග්නේශ්වරන් මහතා වැඩිදුරටත් පැවසුවේ, ද‍ෙමළ ජනතාවගේ ගැටළු වෙනුවෙන් විසඳුම් ලැබෙන අදාළ යෝජනාවලිය වෙනුවෙන් එකඟතාවය ප්‍රකාශ කරන අපේක්ෂකයා ව‍ෙනුවන් පමණක් දෙමළ ජනතාව මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය දෙනු ඇති බවට තමන් විශ්වාස කරන බවයි.
යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍යය සංගමයේ මැදිහත්වීම මත සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායක මාවයි  ජනාධිපති, දෙමළ ජනතා පෙරමුණේ. නායක සී.වී. විග්නේශ්වරන්, ටෙලෝ පක්ෂ නායක සෙල්වම් අඩෙත්කලනාදන්, ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍ර හා ලෝරිං සවිධාන නායක ධර්මලිංගම් සිද්ධාර්ථ මහත්වරුන් විසින් යාපනය විශ්වවිද්‍යාල සිසුන් ඉදිරිපත් කළ කොන්දේසි 13 කින් යුතු යෝජනාවලිය වෙනුවෙන් සාමූහික කැමැත්ත පළ කරමින් අදාළ යෝජනාවලිය වෙනුවෙන් පසුගියදා අත්සන් කෙරිණි.
-වවුනියාව - මධුෂංඛ අමරසිංහ-