ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනා
මෙම පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට හේතු වූ කරුණු අද (07දා) දින අභියාචනාධිකරණය විසින් ප්‍රකාශයට පත් කළ පසුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බව චන්ද්‍රගුප්ත තේනුවර මහතා පැවසීය.
අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීරණයක් අභියෝගයට ලක්කිරීමට දින 42ක කාලයක් තිබෙන බවත්, එම අවස්ථාව යොදාගැනීමට සැලසුම් කර තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.
පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට හේතු අද (07දා) දිනයේදී දැනුම්දෙන බව අභියාචනාධිකරණය ප්‍රකාශ කර තිබෙන බැවින් එම කරුණු අධ්‍යයනය කර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමේ වැඩපිළිවෙළ සකස් කරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.