ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය තම ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම නම් කිරීමට තීරණය කර ඇති බව එහි වැඩබලන ලේකම් රජික කොඩිතුවක්කු මහතා ප්‍රකාශ කර තිබේ.

එළඹෙන මැතිවරණයේදී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමන්ගේ අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකළහොත් ජනාධිපති අපේක්ෂකයා ලෙස වෙල්ගම මහතා පත් කරන බව කොඩිතුවක්කු මහතා දන්වා ඇත.

ඒ අනුව වෙල්ගම මහතා අද (ඔක්තෝබර් 3) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවීමට අපේක්ෂා කරන බවද දන්වා ඇත.
කෙසේ වෙතත් වෙල්ගම මහතා ශ්‍රීලනිප ඡන්ද අපේක්ෂාවෙන් ජනපතිවරණයට ඉදිරිපත්වන නමුත් ඔහු ඉල්ලුම් කරන්නේ ශ්‍රීලනිප සලකුණකින් නොවේ.
ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස වෙල්ගම වෙනුවෙන් මුදල් තැන්පත් කිරීම හෙට මැතිවරණ කොමිසමේදී සිදුකරන බව වැඩබලන ලේකම්වරයා පැවසීය.