සුදු වෑන් සංස්කෘතිය ආරම්භ කළේ රණසිංහ ප්‍රේමදාස බවත්, හීෂණ සමයේදී සුදු වෑන්වලින් තරුණ තරුණියන් පැහැරගෙන ගොස් ඝාතනය කළේ ඔහු බවත්, ගෝඨාභය රාජපක්ෂට එල්ල කර සුදු වෑන් චෝදනාව මැතිවරණ
සමයේ එල්ල කරන මඩ ප්‍රචාරයක් පමණක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තූ මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.
රණතුංග මහතා මෙම අදහස් පළ කළේ ගම්පහ දිස්ත්‍රික් පළාත් පාලන නියෝජිත පිරිසක් උඩුගම්පොළදී හමුවිමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි. වැඩිදුරටත් අදහස් දැක් වූ මන්ත්‍රීවරයා, "2015 ඉඳන් මේ රටට තියන ලොකුම හූනියම තමයි හංසයා. 2015දී බලයට ඇවිත් මේ රට විනාශ කරලා දැම්මා. පාස්කු ප්‍රහාරයත් සමග මේ රටේ සංහිදියාව විනාශ වෙන්න හේත්තු වුණේ මේ හංසයා. මේ හූනියම කපන්න පුළුවන් එකම අපේක්ෂකයා තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයා, සජිත් ප්‍රේමදාස වගේ අවතාර දහයක් ආවත් මේ මැතිවරණයේදි ගෝඨාභය මහත්තයා තමයි මේ රටේ
ජනාධිපති වෙන්නේ. ඒක ඉර හඳ වගේ විශ්වාසයි. සජිත් ප්‍රේමදාස කෙරෙහි රනිල් වික්‍රමසිංහගේ විශ්වාසය මොකක්ද
සජීත් ගෙනියන්නේ තාත්තා වැඩපිළිවෙළ නම් ජනතාව ඒකටත් බයයි. 88/89 කාලයේ මේ රටේ තරුණ තරුණියන් 60,000ක් ටයර් සෑයවවල යැව්වේ ඔය කියන තාත්තම තමයි. ඒ නිසා ඒ වගේ නායකයෙකුගේ අත්දැකීම් ක්‍රියාත්මක කරනවා නම් ඒ වගේ මිනිහෙක්ට ඡන්දය දෙන්න මේ රටේ ජනතාව සූදානම් නැහැ. මොකද සුදු වෑත් සංස්කෘතිය ආරම්භ කළේ රණසිංහ ප්‍රේමදාස. එයා තමයි හීෂණ කාලේ සුදු වැවලින් තරුණ තරුණියන් උස්සලා ඝාතනය කළේ. ඔය ගෝඨාභය මහත්තයට කරන චෝදනාව මැතිවරණ කාලේ හඳපු කතාවක්. ඒත් අපි පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළා සුදු වෑන් වලින් කී දෙනෙක් උස්සලා තියෙනවද කියලා. ගයත්ත ඇමතිතුමා කිව්වා එහෙම දෙයක් වාර්තා වලා නැහැ කියලා.
මම කාටවත් බය නැහැ. 2015 මහින්ද මහත්තයා පැරදිලා ගෙදර ගියාම එතුමා නැවතත් දේශපාලනයට ගේන්න මුලින්ම එළියට බැහැපු කෙනා තමයි මම. ඒ සටන අදටත් අතහැරලා නැහැ."යැයි පැවසීය.
-මීරිගම කාන්ති-