තානාපති කාර්යාල විසින් 'සල්ලි පොම්ප කරමින් සිටින බවත්, ඒ අනුව ඉදිරියේදී තව තවත්  ජනාධිපති ධුර අපේක්‍ෂකයන් 'පැටවු ගැසීමට නියමිත බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී වීමල් වීරවංශ මහතා පැවසීය.
හෙතෙම පවසා සිටියේ, රටක් ලෙස එක්ව "සහරාන්ග‍ෙන් කෑ, කෑමේ හැටියට
සිදු කරමීන් පවතින "නරි නාටක' සඳහා ජනතාව

ආකර්ෂණය කර ගැනීමේ හැකියාවක් ආණ්ඩුවේ පාර්ශ්වයට උදා නොවනු ඇති බවයි.
කොළඹදී ඊයේ (30දා) පැවැති ඒකාබද්ධ විපක්‍ෂය නියෝජනය කරනු ලබන පක්‍ෂ නායකවරුන්ගේ මාධ්‍ය හමුවකදී මේ බව පැවසූ විමල් වීරවංශ මහතා, එහිදී වැඩිදුරටත් සිය අදහස් දක්වමින් පවසා සිටියේ,

"මැතිවරණ බිමේදී එක්සත් ජාතික පක්‍ෂය නියත වශයෙන්ම ගෝඨාභය රාජපක්‍ෂ මහතාට පරදිනවා කියලා දන්නවා. ආත්ම විශ්වාසයක් තියෙන උදවිය උසාවි ගානේ රස්තියාදු විය යුතු නෑ, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වන එක අද බටහිර තානාපති කාර්යාලවලට භයානක හීනයක්. අද රටෙි නීතිය ක්‍රියාත්මක වන්නේ කොහොමද කියන එක අමුවෙන් නිර්වස්ත්‍ර ව‍ෙලා ඉවරයි. ගරු කටයුතු විනිසුරුවරුන්ටත් අවමන් වන විදියටයි රාජිත සේනාරත්නලා හැසිරුනේ. ජනාධිපති ධුර අපේක්‍ෂකවරු තව ඉවර නෑ. තානාපති කාර්යාල සල්ලි පොමිප කරනවා. තව තව අපේක්‍ෂකයන් පැටවු ගැසීමට ඉදිරියේදී නියමිතයි. සහරාන් කාපු කෑමේ හැටියට ඔය නරි නාටකවලට ජනතාව රැවටෙන්නේ නෑ" යනුවෙනි.

නිදර්ශනී වික්‍රමසිංහ