මේ වනවිටත් ජනාධිපති අපේක්ෂකයන් එක් ඡන්ද දායකයකුට රුපියල් 625ක් පමණ වියදම් කර ඇතැයි ගණනය කළ බව මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක මහතා කොළඹ 2 නිපොන් හෝටලයේදී ඊයේ (13) පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළේය.
අපේක්ෂකයන් මැතිවරණය වෙනුවෙන් මේ වනතෙක් වැය කර ඇති මුදල් ගණනය කර මෙම නිරික්ෂණයට එළැඹි බවද ගජනායක මහතා පැවසීය.
අපේක්ෂකෙයන් වැය කර ඇති මුදල මේ වනවිට රුපියල් කෝටි 1000 ඉක්මවා ඇති බවත් එය මැතිවරණය අවසන් වනවිට
රුපියල් කෝටි 1550ක් දක්වා වැඩි වනු ඇති බවත් හෙතෙම කියා සිටියේය.
කෙසේ වෙතත් මේ මුදල් ලැබීමේ මූලාශ්‍ර මොනවාද යන්න සමහර විට සදාකාලික අභිරහසක් වනු ඇතැයි කී ගජනායක මහතා
මේ තත්වය නිසා මැතිවරණයකදී අපේක්ෂකයන් සියලු දෙනාට සමබිමක් ඇති නොවන බවත් මැතිවරණ වියදම් සීමා කිරීමේ නීති ගෙන එන්නැයි නිරීක්ෂණ සංවිධාන බලකරන්නේ ඒ නිසා බවත් හෙතෙම පැවසීය.
ජනාධිපතිවරණයට අදාළව මේ වනවිට තොරතුරු දැනගැනීමේ පනත යටතේ අයැදුම්පත් 150ක් පමණ මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය මගින් ඉදිරිපත් කර ඇතැයි හෙතෙම සඳහන් කළේය.
මේ සම්බන්ධව තවදුරටත් ක්‍රියාත්මක වන බවත් පක්ෂ උනන්දු නොවන්නේ නම් ඉදිරියේදී පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්
ලෙසින් හෝ මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන බවද ඔහු කියා සිටියේය.
විනීතා එම්. ගමගේ