තිිරිඟු පිටි මිල ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු අධිකාරිය අචසර ලබාදී නොමැති නිසා
වැඩි මිලට තිරිඟු පිටි අලවි කරන වෙළඳුන් පිළිබඳ 1977 කෙටි දුරකථන අංකයට දැනුම් දෙන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය ඉල්ලා සිටියි. තිරිඟු පිටි අත්‍යවශ්‍ය භාණ්ඩයක් ලෙස නමිකර තිබෙන බවත්, මේ අනුව තිරිඟු පිටි කිලෝවක් අලෙවි කිරීමේදී රුපියල් අසූහතක මුදලකට අලෙවි කළ යුතු බවත්, තිරිඟු පිටි කිලෝවක් ඇසුරුම් කර විකිණීමේදී අමතරව රුපියල් පහක් අය කරගත හැකි බවද
එම අධිකාරිය පෙන්වා දෙයි.
මාස කිහිපයක් තුළදී අවස්ථා කිහිපයකදී  තිරිඟු පිටි මිල ඉහළ දැමීමට සමානව උත්සාහ කළත් අධිකාරීය මැදිහත්ව එය නවතා දැමු බවත්, මේ අනුව තිරිඟු පිටි මිල ඉහළ දමා අලෙවි කරන පුද්ගලයන්ට එරෙහිව නීති මගින් කටයුතු කරන බවත් එම අධිකාරිය සඳහන් කරයි.

1977 දුරකථන අංකයට අමතරව බස්නාහිර පළාත තුළ තිරිඟු පිටි වැඩි මිලට අලෙවි කරනවා නම් 0771 088 9f4, වයඹ පළාත තුළ නම් 0771 078 904, සබරගමු පළාත තුළ නමි 0771088 902, දකුණු පළාත තුළදී නම් 0771 089 903, ඌව පළාත තුළදී නම් 0771 088 895, නැගෙනහිර පළාත තුළදී නම් 0770 110 096 හා උතුරු පළාත තුළදී නම් 0771 088 910 හා මධ්‍යම පළාත තුළදී නම් 0771 088 896 හා උතුරු මැද පළාත තුළදී නමි 0771 088 897 දුරකථන අංකය මගීන්  දැනුම්දෙන ලෙසද එම අධීකාරිය ඉල්ලා සිටියි.

ඒ එච්.අයි. තුෂාර